
(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රට ලෙස චීනය අභිබවමින් ඉදිරියට පැමිණීමට ඉන්දියාව සමත්ව ඇත.එක්සත් ජාතීන්ගේ සංවිධානය අද(19) නිකුත් කළ දත්ත වාර්තා වලට අනුව ඉන්දියාවේ ජනගහනය කෝටි 142.86 ක් ලෙස සටහන් වන අතර චීනයේ ජනගහනය කෝටි 142.57 ක් ලෙස දැක්වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය 1950 වසරේදී රටවල් වල ජනගහනය ලැයිස්තුගත කිරීම ආරම්භ කිරීමෙන් පසුව ලොව වැඩිම ජනගහනයක් සිටින රට ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉන්දියාව නම් කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.
චීනයේ ජනගහනය 1960 වසරෙන් පසුව ප්‍රථම වතාවට පසුගිය වසරේදී අඩු වී තිබේ.ඉන්දියාව 2011 වසරෙන් පසුව ජන සංගණනයක් සිදු කර නොමැති අතර ඒ හේතුවෙන් ඉන්දියාව සතුව ජනගහනය පිළිබඳ නිවැරදි දත්ත නොමැති බවද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමේ අල්ලපු රටවල් වලට උතුරයිද දන්නේ නැහැ...
චීන්නු වැඩි හරියක් දැන් ඉන්නේ බටහිර රටවල් වල .ඒවායේ දැන් චීන්නු වැහි වැහැලා