
ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මාජල්ගාඕ නම් කුඩා ගම්මානයට කඩා වැදුණු මිනීමරු වඳුරු රැළක් සුනඛයන් 250ක් මරා දමා ඇතැයි වාර්තා වෙයි.
සුනඛයන් කිප දෙනකු එකතු වි වඳුරු පැටවකු අමු අමුවේ මරා දැමීම නිසා මෙම බලු - වඳුරු යුද්දය ආරම්භ වී ඇතැයි ගම්වාසීහු විශ්වාස කරති.
විදේස් මාධ්‍ය වාරතා කළේ වඳුරන් බල්ලකු ළඟට එන බව දුටු විට බල්ලන් අල්ලා උස් ගොඩනැගිලි සහ ගස් මුදුන්වල සිට පහතට විසි කර මරාදමන බවයි.මෙම කුරිරු පලිගැනීමේදී වඳුරන් විසින් බලු පැටවුන් 250 කට වැඩි පිරිසක් මරා දමා තිබෙන අතර මේ වන විට ගම්වැසියන් ඉලක්ක කර මින් සිටින බව වාර්තා වේ.
සිද්ධිය වාර්තා වූ මාජල්ගාඕ ගම්මානයේ අසල්වැසි ගම්මානයක් වන ලාවුල්හි මෙම වඳුරු බලු යුද්ධය ව්‍යාප්තවී ඇතැයි ද එහි වඳුරන්ද බල්ලන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ උත්සහයක නිරත වෙමින් සිටින බව එම වාර්තා සඳහන් කරයි.
ගමේ සිටි සුනඛයන් මරා දැමීමට පටන් ගැනීම හේතුවෙන් වඳුරන් අල්ලා ගැනීම සදහා ගම්වාසීන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පිහිට පැතුවත් ඔවුන්ටද එකඳු වඳුරකුවත් අල්ලා ගැනීමට හැකියාවක් ලැබී නැත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වඳුරන් බල්ලන්ගෙන් පළිගන්නා බව ගම්මු විශ්වාස කරන බවයි.
ලාවුල් ප්‍රදේශයේ බල්ලන් තුරන් කිරීමෙන් අනතුරුව වඳුරන් ගම් වැසියන්ද ලුහු බැදීමට පටන් ගෙන ඇති අතර සමහරුන්ට වඳුරු ප්‍රහාර පවා එල්ල වී ඇති බව වාර්ථා වේ .
සනී බෆලෝ විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක වන ස්ටෙෆනි මහත්මිය පැවසුවේ .
අධ්‍යයනයන් පෙන්වා දී ඇති ආකාරයට වදුරන්ට පළිගැනීමේ චේතනාවෙන් ක්‍රියා කල හැකි බවයි
වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එකඳු වඳුරෙකු වත් අල්ලා ගැනීමට නොහැකි වූ නිසා ගම්වාසීහු තනිවම බල්ලන් බේරා ගැනීමට උත්සාහ කළ අතර නිව්ස් 18 වාර්තා කළේ බේරාගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ගම්වාසීන් සමහරක් වඳුරන්ගේ ප්‍රතිප්‍රහාරවලට ගොදුරු වී ඇති අතර ඇතැමුන් තුවාල ලබා හෝ ගොඩනැගිලිවලින් වැටී ඇති බවයි .
නිව්ස් වීක් සඟරාව සහ අන්තර්ජාලය ඇසුරෙනි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිණාමය!..
මෙහෙත් වෙන්නේ ඕකට සමාන දෙයක් නොව රට වැසියන් බල්ලන්ගේ ගානට දමපු "දේශපාලන වඳුරෝ රැලක් " අහිංසක "බල්ලන්" නොමරා මරනවා..
අපේ රටේද වඳුරු, මිනිස් ගැටුම නුදුරේදීම ආරම්භ වන ලකුණු දැනට පහළ වී තිබේ. වඳුරන් ගම් වැදී දේපල වගාහානි විනාශ කිරීම දිගින් දිගටම සිදුකරන අතර වඳුරන් ඇතැම් ගම්මාන ආක්‍රමණය කරගනිමින් නිවාසවල වහල සෙවිලි විනාශ කරමින් සිටියි. ලංකාවේ වනජීවි එකත් ඉන්දියාවේ වගේම ලංකාවේ වඳුරු සංහාරයට කිසිම විසඳුමක් ලබා නොදෙති... මහාචාර්යවරිය පවසා ඇති ආකාරයට වඳුරන් පලිගැනීමේ චේතනාව තදින්ම තියන බව වැටහේ. එමනිසා ගම්වල ගැමියන් වඳුරන් පලවා හැරීමට වායු රයිපල්, කැට පෝල, අලි වෙඩි, පැරා, ගසති. මේවාට කිපෙන වඳුරෝ ඉදිරියේදී ඉන්දියාවේ වගේ අපේ රටේ ගැමියන්ගෙන්ද පළි ගැනීමට ඉඩ ඇත. මෙය රජයට තවත් ගැටළුවක් වීමට ඉඩ ඇති හෙයින් වහා විසඳුමක් ලබාදෙන්න.
මෙහෙත් වැඩිකලක් නොගොසින් දේශපාලන වඳුරන්ට මිනිසුන් ඔවැනි පහරදීම් කරාවි...
ඔය කියන්නේ පාස්කු එහෙම එල්ල කරල මිනී මරපු යහපාලනේ ගැන නේ. විපක්ශෙ ඉඳගෙනත් කරන්නේ වල පල්ලටම ඇදල දාන්න බලන එක විතරයි. උන්ට දැනටමත් දේශපාලන් සාපය වැදිල ඉවරයි. උන් දැන් බලන්නේ අනිත් උන්ටත් ඒ සාපේ පතුරුවන්න.