IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දීය සරණාගතයන්ගේ ගැටළු විසඳන්න යයි

(විමුක්ති එස් රොද්‍රිගු)

ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකීකයන්ගේ ගැටළු විසදීම අරමුණු කර ගනිමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද විශේෂ ජංගම සේවය ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද (31) පෙරවරුවේ ආරම්භ විණි.

ජනතාවට පවතින ගැටළු විසදීම සදහා අධිකරණ අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන විසින් ස්ථාපිත කර ඇති ජංගම සේවා කුටි නිරීක්ෂණය කිරීමට ද අධිකරණ අමාත්‍යතුමා ඇතුළු නිලධාරීන් එක් වු අතර ජංගම සේවය ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවය අමතමින් අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය...

උතුරු පළාතේ ජනතාවට පවතින ගැටළු විසදීම සදහා රජය ප්‍රමුඛත්වය දී කටයුතු කර ඇති අතර මෙම වසරේ ජනවාරි  හා ජුනී මාසවල ජංගම සේවා දෙකක් පැවැත්වීමට කටයුතු කර  ඇති බවත්, විශේෂයෙන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ජනතාවට පවතින ගැටළුවලට විසදුම් ලබාදීම සදහා මේ වන විටත් විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් අදාළ රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් ඒ් සදහා පත් කර ඇති බවත්, එම කමිටුව විසින් උතුරු පළාතේ සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් ඒ් සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවත්, අධිකරණ අමාත්‍යතුමා පැවසීය.

උතුරු පළාතේ ජනතාවට ඉඩම් සම්බන්ධව පවතින ගැටළු විසදීම සදහා විශේෂ සමථ මණ්ඩල ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති අතර, යුද්ධයෙන් හානි වු පුද්ගලයින් හා දේපළ වෙනුවෙන් වන්දි ලබාදීමට හානි පුර්ණය සදහා වු කාර්යාලයත්, අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධව පැමිණිලි විමර්ශනය සදහා අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව වු කාර්යාලයත් කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යතුමා සදහන් කළේය.

අතුරුදහන් වුවන් සම්බන්ධව ලැබී ඇති පැමිණිලි පිළිබදව වු විමර්ශන සිදු කිරීම කඩිනම් කර ඇති අතර එම කාර්යාලය සදහා පත් කර ඇති නව නිලධාරීන් ඒ් වෙනුවෙන් ආරම්භ කර ඇති විශේෂයෙන් වැඩ පිළිවෙල හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ අදාළ විමර්ශන අවසන් කිරීමට හැකිවන බව ද අධිකරණ අමාත්‍යතුමා පැවසීය.

සමස්ත රටටම වෙලාගෙන ඇති මත් ද්‍රව්‍ය සම්බන්ධව වු ගැටළුව උතුරු පළාත තුළද විශාල වශයෙන් ව්‍යාප්තව පවතින බැවින් තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් එය මර්දනය කිරීම සදහා කටයුතු කිරීම ආරක්ෂක අංශ ඇතුළු සියලු දෙනාගේ වගකීමක් වන අතර ඒ් වෙනුවෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින බව ද අධිකරණ අමාත්‍යතුමා වැඩිදුරටත් පවසන ලදී.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය හා  යාපනය දිස්ත්‍රික් ලේකම් කේ.මහේෂන් මහතා මෙහිදී අදහස් පළ කළ අතර, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.පී.එස්.සමන් කුමාරී, හානි පූර්ණ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එල්.එම්.හසීම් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි විය.

යුද්ධයෙන් හා වෙනත් විපත්වලින් හානි සිදු වු පුද්ගලයින් කිහිප දෙනෙකු වෙනුවෙන්  වන්දි ලබාදීම ද මෙහිදී අධිකරණ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.



අදහස් (0)

ඉන්දීය සරණාගතයන්ගේ ගැටළු විසඳන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site