ඉන්දීය සුපිරි නළු අනිල් කපූර් සහ ආදිත්‍ය රෝයි කපූර් ශ‍්‍රී ලංකාවට අද පැමිණයහ.

සුප‍්‍රසිද්ධ ඉංග‍්‍රීසි ටෙලි කතා මාලාවක් වූ ”ද නයිට් මැනේජර්” හි හින්දි අනුවර්තනයේ රූගත කිරීම් සඳහා ආදිත්‍ය රෝයි කපූර් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත.

ඉන්දීය සුපිරි නළු අනිල් කපූර් නිවාඩුවක් ගත කිරීම සඳහා පැමිණ ඇතැයි වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකාවේ පාරිසරික සුන්දරත්වය විදහා දක්වමින් ”ද නයිට් මැනේජර්” හින්දි අනුවර්තනයේ සිදුවීම් කිහිපයක් රූගත කිරීමට ආදිත්‍ය රෝයි කපූර් පැමිණි බව විදෙස් මාධ්‍ය පවසයි.

65 වියැති අනිල් කපූර් නිවාඩුවක් ගත කිරීම සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත. ඔහු බෙන්තොට වෙරළ තීරයේ ඔහුගේ තාරුණ්‍ය විදහා පාමින් ව්‍යායාම කරන අයුරු ට්විටර් මාධ්‍ය ඔස්සේ ලෝකයා සමග බෙදා හදා ගෙන ඇත.

ජෙෆ්රි බාවා වතු යායේ අරලිය ගස ඉදිරිපිට අනිල් කපූර් සමූහ ඡයාරූපයකට පෙනී සිට ඇත.

(විමුක්ති එස් රුද්‍රිගු වයෝන් නිව්ස් ඇසුරෙන්)