(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට අනුබද්ධ තුම්මුල්ල පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි වීසා මධ්‍යස්ථානයේ ප්‍රධාන දේශීය නියෝජිතවරිය ( country manager) රාජකාරි කටයුතු සඳහා පරිහරණය කරන ලැප්ටොප් පරිගණකය සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
මේ හේතුවෙන් වීසා කටයුතු ලබාදීම මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ සියලුම කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇතැයි පොලිසිය කියයි.
පැමිණි සොරුන් එම පරිගණකය සමග ඩි. වි. ආර් යන්ත්‍ර සහ අන්තර්ජාල පහසුකම් ලබා ගන්නා (hub ) කොටසද රැගෙන ගොස් ඇතැයි පොලිස් නිලධාරියකු කීය.
ඉකුත් 15 දින අළුයම් කාලයේදී මෙම සොරකම වී ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කිරුළපන දෙස සිට ත්‍රිරෝද රථයකින් පැමිණෙන පුද්ගලයන් තිදෙනකු එම වීසා මධ්‍යස්ථානයේ ඉදිරිපස ගේට්ටු කඩා අනතුරුව මහල් හතරකින් යුක්ත ගොඩනැගිල්ලේ ඉදිරිපස දොර කඩා ඇතුළු වී තෙවන මහල කරා ගොස් මෙම සොරකම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.
තෙවන මහලේ ප්‍රධාන නියෝජිතවරිය ගේ කාර්යාලය පිහිටා ඇති අතර ඒ සමගම තවත් ලැප්ටොප් පරිගණක හතරක් , රුපියල් ලක්ෂ 30 ක මුදලක් මෙන්ම අයිෆෝනයක් තිබී ඇතත් පැමිණි පුද්ගලයන් ඒවා කිසිවක් රැගෙන ගොස් නැතැයි ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය වීසා ප්‍රධානීගේ පරිගණකය උස්සලා