
ඉන්දියාවේ සීග්‍රගාමී මගී දුම්රියක ගින්නක් හට ගැනුණි. ගින්න හට ගැණුනේ අද අලුයම 5.15 ට පමණ යැයි පැවැසෙයි.
රාජ්ධානි එක්ස්ප්‍රස් නමැති මෙම දුම්රිය, නවදිල්ලිය දක්වා ධාවනය වෙමින් තිබුණි. ගින්න හට ගනිද්දී එය මධ්‍ය ප්‍රාදේශ් ප්‍රාන්තයේ රත්ලම් පළාත පසු කරමින් තිබුණු බව ද පැවැසෙයි.
ගින්න හටගත්තේ පළමු පංතියේ, සුව පහසු, වායු සමීකරණය කරන ලද මැදිරියක් තුළය. ඒ වනවිට එම මැදිරියේ මගීන් 68 දෙනකු සිටි බවත්, ඔවුන් වහා මුදවාගත් බවත් කිසිවකුටවත් අනතුරක් සිදු නොවුණු බවත් පැවැසෙයි.
මෙම මැදිරිය දුම්රියේ පිටුපස කෙළවරට ආසන්නයේ තිබුණු අතර, ඊට පිටුපසින් වූ ගමන් මලු සහ දුම්රිය නියාමකවරයාගේ මැදිරියට ගින්නෙන් හානි සිදුවුණු බව පැවැසෙයි. දුම්රිය රළයේ තිරුවනන්තපුරම් සිට නවදිල්ලියේ හස්රත් නිසාමුද්දීන් බලා ධාවනය වෙමින් තිබුණි. ගින්න හටගත්තේ වික්‍රම්ගාර් ආලොට් සහ ලුනි රිච්චා යන දුම්රිය ස්ථාන අතරේය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව දුම්රිය බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි. දුම්රිය මැදිරියේ ගින්න හේතුවෙන්, එම මාර්ගයේ දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වූ අතර අවන්ති එක්ස්ප්‍රස්, මුම්බායි සෙන්ට්‍රල්-දුරොන්තෝ එක්ස්ප්‍රස් ඇතුළු තවත් දුම්රිය 18 ක් ප්‍රමාද වූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd