ඉන්දීය ලෙජන්ඩ්ස් පිල ‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්’ ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට අද (21) රාත්‍රී සමත් විය. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට අනු ශූරතාව හිමිවිය.
මුම්බායිහිදී අද රාත්‍රී පැවැති අවසන් මහ තරගයේදී ඉන්දීය ලෙජන්ඩ්ස් පිල ලකුණු 14 කින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල පරාජය කිරීමට සමත් විය.
ශූරතාව සඳහා ලකුණු 282 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 20 අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 167 කට සීමා විය.
ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණයට අවසන් ඕවරයේදී ලකුණු 24 ක් රැස්කිරීමට බාරවිය.
චින්තක ජයසිංහ (40) සහ කෞෂල්‍ය වීරරත්න (38) පස්වැනි කඩුල්ලට ලකුණු 64 ක සම්බන්ධතාවක් පැවැත්වුවද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.
විනෙයි කුමාර් යැවූ ඉනිමේ 18 වැනි ඕවරයේ අවසන් පන්දු තුනට කෞෂල්‍ය වීරරත්න ලකුණු 16 ක් (4,6,6) රැස්කිරීමෙන් ඉන්දීය පිල සසළ විය.
සනත් ජයසූරිය පන්දු 35 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 43 ක් රැස්කළේය.
යූසුප් පතාන් පන්දු 36 කින් නොදැවී ලකුණු 62 ක් ද, යුවරාජ් සිං පන්දු 41 කින් ලකුණු 60 ක් ද, රැස්කරමින් ඉන්දීය පිල ප්‍රබල තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.
ධම්මික ප්‍රසාද් යැවූ ඉනිමේ 16 වැනි ඕවරයට ලකුණු 22 ක් එකතු වීමත් සමඟ ඉන්දීය පිල ශක්තිමත් විය.
ඉන්දීය ලෙජන්ඩ්ස් පිල ඕවර 20 කදී කඩුලු 4 ට 181 (සචින් තෙන්ඩුල්කාර් 30, යුවරාජ් සිං 60, යූසුෆ් පතාන් නොදැවී 62, රංගන හේරත් 11/1, සනත් ජයසූරිය 17/1, ෆර්විස් මහරුෆ් 16/1, කෞෂල්‍ය වීරරත්න 23/1) ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ඕවර 20 කදී කඩුලු 7 ට 167 (සනත් ජයසූරිය 43, තිලකරත්න ඩිල්ෂාන් 21, උපුල් තරංග 13, චින්තක ජයසිංහ 40, කෞෂල්‍ය වීරරත්න 38, යූසුප් පතාන් 26/2, ඉර්ෆාන් පතාන් 29/2, මන්ප්‍රිට් ගොනි 24/1, මුනාෆ් පටෙල් 46/1)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවිධත්වයේ ප්‍රතිඵල.
කමක් නැහැ. ඉතා හොඳ තරගයක් දුන්නා. කාලෙකට පස්සේ දැකපු හොඳ සෙල්ලම් කිරීමක් ලංකාවෙන් දැක්කා. අවු 52ක් වෙලත් ජයසූරියලා දක්වපු දස්කම් වත්මන් අයට ආදර්ශයක්. කොහොම නමුත් අපේ පන්දු යැවීම ගැන අවධානයක් දිය යුතුමයි. මුරලි හිටිය නම්.........
එය දිනිය හැකිව තිබුණු තරගයක්. එක උඩ පන්දුවක් ගිලිහීමෙන් තමයි වෙනස් වුණේ. අපේ ප්‍රවීණයෝ ගොඩක් හොඳයි. ඔවුන්ට සුබපැතුම් අනුශූරතාවය දින්නට..