(සිතුම් චතුරංග)
යාපනය, කන්කසන්තුරය මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 21 දෙනකු සමඟ ට්‍රෝලර් යාත්‍රා දෙකක් අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පවසයි.
ඉන්දියානු ධීවරයින් පිරිසක් ට්‍රෝලර් යාත්‍රාවලින් පැමිණ මසුන් අල්ලමින් සිටියදී මෙරට ධීවරයන් පිරිසක් විසින් ට්‍රෝලර් යාත්‍රාවටකර නාවික හමුදාව වෙත දැණුම්දීමෙන් අනතුරුව මෙම පිරිස අත්අඩංගුවටගෙන තිබේ.
කන්කසන්තුරය ධීවරයින් තම බෝට්ටු රැගෙනගොස් ඉන්දීය ධීවරයින් වටකරමින් පැයකට ආසන්න කාලයක් සිදුකළ දැඩි පරිශ්‍රමයකින් අනතුරුව නාවික හමුදාව දැණුවත් කිරීමෙන් පසු ඉන්දීය ධීවරයින් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.
ඉන්දීය ධිවරයින් පැමිණි යාත්‍රාවල තිබී මෙරට මුහුදු සීමාවෙන් අල්ලාගන්නා ලද මසුන් විශාල ප්‍රමාණයක්ද ට්‍රෝලර් යාත්‍රාවල තිබී සොයාගත් බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd