(රේඛා තරංගනී ෆොන්සේකා)

පසුගිය රජයේ ඇනවුමකට අනුව කොළඹ වරායට ඉන්දියාවෙන් ගෙන එනු ලැබු ඉන්දියන් මැදිරිවල ඉතිරි දුම්රිය මැදිරි 150 මෙරටට ගෙන්වීම අවලංගු කරන මෙන් ඉල්ලා දුම්රිය නියාමකවරුන්ගේ සංගමය සහ දුම්රිය එන්ජින් රියදුරු සංගමය විසින් අද (10) විරෝධතාවක් ආරම්භ කරනු ලැබීය.

කොළඹ වරායට ගෙන එනු ලැබූ මැදිරි තත්ව පරික්ෂාවන්ට ලක් කිරීම සඳහා රත්මලාන දුම්රිය අංගනයට ගෙනයාමට නියමිතව තිබුණත් එය සිදු කිරීමට නම් අදාළ දුම්රිය බලධාරීන් විසින් ඉදිරිපත් කරන දුම්රිය මැදිරි 150 ලංකාවට ගෙන්වීමේ තීරණය අවලංගු කළ යුතු යැයි පවසමින් එම සංගම් විසින් මෙම විරෝධතාවය පැවැත්විණි.

දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතාගෙන් සහ දුම්රිය නියාමක සංගමයේ ලේකම් මනුර පීරිස් මහතාගෙන් කළ විමසීමකදී මෙසේ කීය.

දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසූයේ මේ වන විට චීන මැදිරි සීයක් දුම්රිය අංගනවල ගාල් කර ඇති බවත් එකී දුම්රියන් ධාවනය යෙදවීම පසෙකලා මේ ආකාරයෙන්  ඉන්දිය දුම්රිය මැදිරි  තව තවත් ගෙන්වීම මහජන මුදල් අපතේ යැවීමක් බවයි.

 ඒවා ජනතාවගේ මුදල් නාස්ති නොකර ඇනුම් කර ඇති දුම්රිය මැදිරි 150 ඇනවුම අවලංගු කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවය පැවැත්වූ බවයි.

එහිදී දුම්රිය නියාමක සංගමේ ලේකම් මනුර පීරිස් මහතාගෙන් ද අප අදහස් විමසා සිටි අතර ඒ මහතා පැවසූයේ ඉන්දියන් මැදිරිවලට වඩා උසස් තත්ත්වයෙන් යුතු මැදිරි නිර්මාණය කිරීමේ ශිල්පීය දැනුම හා තාක්ෂණික ක්‍රමවේද ලංකාව සතුව තිබෙන බවයි.

ඉන්දියාවෙන් තවදුරටත් මේ ආකාරයෙන් මැදිරි 150 ගෙන්වීම මහජන මුදල් නාස්තියක් බව සඳහන් කරන ඒ මහතා ගෙන්වූ මැදිරි නැවත හරවා යැවිය නොහැකි බැවින් ගෙන්වීමට ඇති මැදිරි නවතා දැමීමට අදාළ බලධාරීන් පියවර ගැනීම සිදුකළ යුතු බවයි.