(ටී.කේ.ජී.කපිල )

ඉන්දියාවේ පැවති 06 වන ජ්‍යෙෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අසංක දිසානායක , මීටර් 5,000 ඇවිදීමේ ඉසව්වෙන් රන් පදක්කමක් සහ මීටර් 3,000 ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගෙන  අද(27 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ යළිත් මෙරටට පැමිණියේය .

 මෙම තරගාවලිය ආසියානූ කළාපයේ රටවල් 20 ක ජ්‍යෙෂ්ඨ මළළ ක්‍රීඩකයින් 1,000 කගේ සහභාගීත්වයෙන් ඉකුත් 23 දින සිට 25 දින දක්වා  ඉන්දියාවේ අසාම් නුවර පවත්වා තිබුණි .

මෙම ජයග්‍රහණය හිමිකර ගත් අසංක දිසානායක අද අලුයම 01.55 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1171 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

අසංක දිසානායක හිගුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි  හිටපු යුද හමුදා නිලධාරීවරයෙකු වන අතර මේ වනවිට ඔහු භෞත චිකිත්සකවරයෙකු ලෙස සේවය කරමින් සිටිනෙකි .