
ඉන්දුනීසියා සංචාරය අවසන් කිරීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට පැමිණියේය. ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ප්රමුඛ ඕස්ට්‍රේලියා රජයෙන් අග්‍රාමාත්‍ය මෝදිට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.
ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇල්බනීස් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අතරේ ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වූයේ, මිතුදම් තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින්ය. වෙළෙඳ, තාක්ෂණය, ආරක්ෂාව සහ ආයෝජන සම්බන්ධයෙන් අවධානය යොමු විය.
මෙල්බර්න් නුවර ඉන්දියානුවන් හමුවීමට ද මෝදි අමතක කළේ නැත. මෝදි වෙනුවෙන් සංස්කෘතික සන්දර්ශනයක් ද පැවැත්විණි. එම අවස්ථාවට ද ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා එක් විය. ඉන්දියාවෙන් පිට වැඩිම ඉන්දියානුවන් පිරිසක් සිටින්නේ ඕස්ට්‍රේලියාවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd