
(ඩයනා උදයංගනී)
තවත් වසර කිහිපයකින් රට තුළ වැලි හිඟයක් ද ඇතිවන බවත්, ඇතැම් විට වැලි ආනයනය කිරීමට පවා සිදුවිය හැකි බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
විශේෂයෙන්ම කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සඳහාත් මුහුදු වැලි හෝ විදේශවලින් ගෙන්වාගත් වැලි භාවිතා කිරීමට සිදුවනු ඇතැයි කී ඇමතිවරයා ගංගාවලින් ලබාගන්නා වැලි වරාය නගරයට දීමේ වගකීම භාරගත නොහැකි බව ද සඳහන් කළේය.
කොළඹ වරාය නගරයේ සිදුකරන කටයුතු හැර 2025 වසර දක්වා රටේ ඉදිකෙරෙන සවර්ධන ව්‍යාපෘති හා අනෙකුත් ඉදිකිරීම් වෙනුවෙන් අවශ්‍ය වැලි ප්‍රමාණය ඝනමීටර මිලියන 57 ක් ලෙස ගණන් බලා ඇති බවත්, ඉන් සපයාගත හැක්කේ ඝනමීටර මිලියන 42ක් පමණක් බවත් කී ඇමතිවරයා ඉතිරි ඝනමීටර මිලියන 15ක හිඟය පියවන්නේ කෙසේද යන්න ගැන සාකච්ඡා කරමින් සිටින බව ද කීවේය.
ඇමති මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශයේදී අද (12) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ගල්, පස් බොරළු, මැටි ආදිය මෙරටින් සපයාගත හැකි නමුත් වැලි ප්‍රමාණය සොයාගැනීමට ගැඹුරු මුහුදින් වැලි ලබාගැනීම මේ වන විටත් යම් තරමකින් සිදුවන බව ඇමතිවරයා කීය.
ගංගාවලින් මෙන්ම ගැඹුරු මුහුදින් වැලි ලබාගැනීම සම්බන්ධයෙන් මේ වන විටත් ජනතාවගේ සහ පරිසර සංවිධානවල විරෝධය එල්ල වන බව කී ඇමතිවරයා ගැඹුරු මුහුදෙන් ද අවශ්‍ය තරම් වැලි ලබාගැනීමට නොහැකි වුවහොත් ආනයනය හැර විකල්පයක් නැතැයි ද කීවේය.
ලබන වසරෙන් පමණ පසු මහා පරිමාණ ව්‍යාපෘති සඳහා කොන්ත්‍රාත් දීමේදී වැලි සපයාගන්නා ලෙස දැනුම්දීමට සිදුවනු ඇතැයි ඇමතිවරයා පැවසීය.
මෙරටින් විදේශවලට වැලි ගෙනයන බවට පැතිර ගිය ප්‍රකාශවල සත්‍යතාවක් නැතැයි ද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මස්සිනාට කියන්න, වැලි කම්පැණියක් දාන්න කියලා...
සර්ගේ වියත් මගේ කට්ටිය නම් කියලා වැඩක් නැහැ. රට බංකොළොත් කරලා තමයි පස්ස බලන්නේ..
ඔය බොරු කියන්නෙ. වැලි රට යවනවා
එහමනම් ගෑස්, කිරි පිටි පෝලීම් වගේ ඉදිරියේදී වැලි පොලීමත් මේ පාලනය තුල