
(ශාන්ත චන්ද්‍රසිරි)
ඉදිරි වසර හතර තුළදී මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩ නැගීමට රජය ගෙන යන වැඩපිළිවෙල සඳහා ප්‍රධාන සංචාරක නගරයක් වන නුවරඑළිය නගරය ඇතුළු දිස්ත්‍රික්කයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීමට හැකි විධිමත් සැළැස්මක් ඔස්සේ කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
නුවරඑළිය නගරය තුළ විධිමත් ජල කළමනාකරණ වැඩසටහනකට හා පානීය ජල ගැටළුවට ස්ථීරසාර විසඳුමක් ලබාදීමටත්, උස ගොඩනැගිලි වෙනුවට සෞම්‍ය පරිසරයක් සමගින් නුවරඑළිය නගරය සංවර්ධනය කළ යුතු බවද හෙතම කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය නගර සංවර්ධන වැඩසටහන සම්බන්ධයෙන් අද (10) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එසේ පැවැසීය.
එහෙදී තවදුරටත් අදහස් දැක් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
රටේ ආර්ථිකය නැවත ගොඩනැගිය නොහැකි බව බොහෝ දෙනා සිතුවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා රජය ඇති කරගත් එකඟතාවය මත නැවත රටේ ආර්ථිකය පිළිබඳව නැවුම් බලාපොරොත්තුවක් තැබීමට සියලුම දෙනාට අවස්ථාවක් ලැබුණා. නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් වසර පුරාම සංචාරකයන් ගෙන්වා ගත හැකි ආකර්ශණීය නගරයක් ලෙස එය සංවර්ධනය කිරීමට අවශ්‍යයි.
සංචාරකයන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් එම සැළැසුම් සකස් කිරීම වැදගත්. විශාල ගොඩනැගිලි වෙනුවට විවේකීව ගත කළ හැකි සෞම්‍ය පරිසරයක් සමගින් එම සංවර්ධන සැළසුම් කළ යුතුයි. නුවරඑළිය නගරයේ වැසි ජලය බැසයාම සඳහා විධිමත් ක්‍රමවේදයක් නොතිබීම දීර්ඝකාලීනව ගැටළුවක්ව තිබෙනවා. ඒ සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතුයි.
නුවරඑළිය නගරය තුළ අවිධිමත් ලෙස ගොඩනැගිලි ඉඳි කරනවා. ඒ වෙනුවට නිසි සැළැස්මකට අනුව ඉඳි කිරීම් සිදු කිරීමට අවශ්‍යයි. විශාල ගොඩනැගිලි ඉඳි කිරීම හේතුවෙන් නගරය විනාශ වී තිබෙනවා. එය නිව්යෝක් නගරයක් කරනවාද නුවරඑළිය ලෙසම පවත්වාගෙන යනවාද කියා තීරණය කළ යුතුයි.
ආයෝජකයන්ට හෝ කිසිඳු පාර්ශවයකට අවශ්‍ය ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ සම්පත් විනාශ කිරීමට ඉඩ දිය නොහැකියි. පරිසර හිතකාමී සහ සැළැසුම්සහගත සංවර්ධනයක් නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ඇති කළ යුතුයි. එමෙන්ම මේ කටයුතුවලදී රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය මනා සම්බන්ධිකරණයකින් කටයුතු කිරීම ඉතාම වැදගත්. සාම්ප්‍රාදායික රාමුවෙන් බැහැරව අලුතින් සිතා රටට අවශ්‍ය අලුත් වැඩපිළිවෙලක් සමග සියලු දෙනා පෙළගැසිය යුතු බවද මෙහෙදී ජනාධිපතිවරයා පැවැසීය.
අමාත්‍යවරුන් වන ජීවන් තොණ්ඩමාන්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. බී. දිසානායක, සී. බී. රත්නායක, එම්. රාමේෂ්වරන්, වී. රාධාක්‍රිෂ්ණන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ යන මහත්වරුන් හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියේ සහ රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසර හිතකාමී සහ සැළසුම් සහගත සංවර්ධනයක් නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ඇති කළ යුතුයි. විශාල ගොඩනැගිලි වෙනුවට විවේකීව ගත කළහැකි සෞම්‍ය පරිසරයක් සමගින් එම සංවර්ධන සැළසුම් කළ යුතුයි.
සුබපැතුම් ජනාධිපතිතුමනි...!
අපිට පේනවා සැලසුම .කාලකන්නියොන්ට ආයෙමත් ඇමතිකම් පුදලා බලය අල්ලන් ඉන්න
ලංකාවේ upcountry සංචාරක කර්මානත්ය පරිසර හිතකාමී ආකාරයට පරිසය ආරක්ෂා කරමින් මුදල් ඉපයීමට හැකියාව පවතී. විදෙස් රටවල සිට පැමිණෙන ( ඇමෙරිකා,යුරෝපීය රටවල සහ මැදපෙරදිග සංචාරකයන් ) ඉලක්කර තේ states තුල මෙවැනි ආකාරයේ පරිසර හිතකාමී නිර්මාණ කල හැකිවේ. පොලවෙ සිට 6 -8 feet ඉහලින් ගොඩනැගීමට හැකියාව තිබේ එවිට ඕනෑම කෙනෙකුට පරිසරය විදගැනීමට හැකියාවක් පවතී. විශාල ඉඩප්‍රමනයක් අවශ නැත අවශ්‍ය වන්නේ වාහනයකින් එම over ground gasebos වෙත යාමට පහසුකම පමණි. සංචාරකයන්රාත්‍රී නවතින්නේනම් rooftop solar මගින් විදුලිය පවා ලබාදීමට පහසුකම් ලබාදිය යුතුවේ. පළමුව නුවර එලිය ප්‍රදේශයේ tea states තුල over ground gasebos 10ක් පමණ pilot project වසයෙන් ආරම්බයක් කිරීම වැදගත්වේ. සංචාරකයන් ගෙන්වීමට සහ පැමිණීමට නම් ඔවුනට මුදල් වියදම් කිරීමට නම් අවශ්‍ය infracture ලබාදී තිබිය යුතුම වේ. https//wwwpinterest.ca/pin/68739363673/ https//wwwpinterest.ca/pin/promadino-pavillon-palma-mit-foliendach-in-grn-online-kaufen--642185228121728820/
Plan එක අනුමත කරන්න යන්නකෝ UDA හරි pradesiya Saba වලට ජරාව දෙන්න නැතිව මොකුත් කරන්න beha. COC ගන්න බලන්න හැමතැනම pagawa ඉල්ලනwa. Pohottu මන්ත්‍රීවරුන් ජරාව ඉල්ලනwa. සුරංගනා කතා විතරයි
දේශපාලනය හැර අනෙත් සියලුම ක්ශේත්‍ර ඉතා හොදින් ක්‍රියාත්මක වෙනවා මහත්තයෝ. දේශපාලනය ගෑවිච්ච ගෑවිච්ච තැන් කුජීතයි. ඒකට එකම හේතුව , ඔහේලට අධ්‍යාපන සුදුසුකම් අදාල නොවීම. (AL, OL වලට වියදම් කරන සල්ලිත් අපරාදේ). දේශපාලනයට අධ්‍යාපන සුදුසුකම් අනිවාර්‍යයක් කරන්න. එදාට රට නියමෙට හැදෙයි. උදාහරණය ජපානය.
හොරා කන්නෙ නැතුව හිටපල්ල . ඉබේම හරියයි.
සෙලසුම් නම් බොහොමයක් තිබෙනව. එකක්වත් ක්‍රියත්මක වන්නෙ නැහැ. රට තවත් කාලකන්නි වෙනව.
මෙන්න මේ කතාව හොඳින් තේරුම් ගන්න. මේ කතාව හරිනේද? කනට මි පැණි වක්කරනවා වගේ නේද? බලා පොරොත්තුවක් ඇති වෙනවා නේද? මෙයාට තව වතාවක් දෙන්න ඕනි කියලා හිතෙනවා නේද? මේක තමයි අවුරුදු 75ක්ගොනාට ඇන්දවීම. නගර සන්වර්දේනේ අවුරුදු දශක ගණනාවක් යන වැඩක්. නිව්යෝක් නගර හදපු ඉතිසාසේ කියවලා බලන්න. කෝ මේකට සල්ලි හොයන්නේ කොහොමද කියලා කිව්වද? අලුත් අය බද්දක ගන්නවාද නුවර එළියේ ජනතාවගෙන්, නැතිනම් සන් චාරකයින් ගෙන්, නැතිනම් වියාපාරිකයින්ගෙන්, නැතිනම් චිනෙනේ ණයක් ගන්න වද ආයිත් සැරයක්? කිවව එකම දෙය තමයි අවුරුදු 4 කින් දියුණු කරනවයි කියලා විතරයි. ඇයි 4? ඊළඟ සැරේට මාව පත් කොලොත් මට තව හතරක් ලැබෙනවා ඒකයි 4 . ඒ හතර ඉවර වුනාම තව සංවර්දන කතාවක් අරන් එනවා. එතකොට අපි ආයෙත් දෙනවා. මේක තමයි අවුරුදු 75ක්ගොනාට ඇන්දවීම. බුදු සරණයි.
අනේ යන්ඩ කලිසමා.