(ඉන්දිකා රාමනායක)
ග්රෑන්ඩ්පාස් තොටළග ඉදිකරමින් පැවැති දෙමල් නිවසක් කඩා වැටීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ එම නිවස ඉදිකරමින්සිටි පෙදරේරුවකු හා යාබද නිවස සිටි 14 හැවිරිදි පාසල් සිසුවකු බව පොලිසිය පවසයි.
නිවස කඩා වැමීමෙන් එම සුන්බුන්වල මොවුන් දෙදෙනා සිරවී සිටියදී අවට පිරිස් බේරාගෙන ඇත.
සිද්ධියෙන් තුවාල ලැබු දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දැන් මෙවැනි දේ නිතර අසන්න ලැබෙන්නේ වැඩ දන්න පෙදරේරුවන් විදෙස් ගතවී, අත්දැකීම් රහිත අයත් වැඩට යෙදවීමට සිදුවීම නිසාද? අපේ රටේ ගෙවල් තැනීමට පෙදරේරුවන් මූලික වූවත් දියුණු රටවල ඉංජිනේරු උපදෙස් නොමැතිව මෙය සිදුවන්නේ නැහැ. අඩුම තරමේ හොඳින් පලපුරුද්ද සහිත පෙදරේරුවන් ගැනීමට වග බලාගැනීමත් භූමියේ පස බුරුල් සහ පිහිටි පොළව නොමැති නම් ඒ ගැන කල්පනාකාරි වීමත් කළයුතුයි.
කඩාවැටීම වැඩකල පෙදරේරුවන්ගේ වරදක් මිස පාරෙ ගියා කියන කෙනෙකුගේ වරදක් වෙන්න බැහැ .මම අහල තියෙනවා තමන්ගෙ ගමේදි බදාම හැන්ද අතින් අල්ලා නැති අය කොළඹ ගියාම හොද හොද බාස්ලා වෙනවා කියලා