( චන්දන ප්‍රනාන්දු)
නව වසර උදාවත් සමඟ ඉතාලියේ රෝම නගරයේ උපත බිලින්දන් සිව් දෙනාගෙන් එක් දරුවෙකු ශ්‍රී ලාංකික මාපිය යුවළකට උපත ලැබූ දරුවෙකු බව එරට මාධ්‍ය වාර්තා කරයි.
රෝමයේ සාන්ත පිලිප් නේරි රෝහලේදී 2019 නව වසර උදා වී අලුයම 12 යි තත්පර 10ට කිලෝ 4.8 ක් බරැති මෙම දරුවා උපත ලබා තිබේ.
වසර ගණනාවක සිට ඉතාලියේ රෝමයේ සාන්ත පියෙත්රා ප්‍රදේශයේ ජීවත්වන ප්‍රසාද් බණ්ඩාර හා මධුභාෂිණි යාපා යුවළට ඉපදුණු මෙම දරුවා ඉතාලියට ගෞරවයක් වශයෙන් ‘ඉතලෝ බණ්ඩාර ‘ ලෙස නම් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
රෝමයේ මේ වසරේදී ඉපැදුණු දරුවන් සිව් දෙනාගෙන් එක් අයකු ලෙස ඉතලෝ බණ්ඩාර දරුවා උපත ලබා ඇත.
එම ලාංකික දෙමාපියන්ට සුභ පැතීමට රෝම නගරාධිපතිනී වර්ජිනියා රෙජ්ජි මහත්මියද ඊයේ (01) උදෑසන එම රෝහලට පැමිණ තිබේ.
ලංකාවේ හොරණ ප්‍රදේශයේ පදිංචි මෙම පවුල වසර කීපයක සිට රෝමයේ රැකියාව කරන බව වාර්තා වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණුසුම් සුභ පැතුම්...!!!
" හිටියොත් හොඳට හැදී - දෙවියොත් නමට වඳී "
ලංකාවේ නොඉපිද ඉතාලියේ උපන් මේ දරුවා සැබෑ වාසනාවන්තයෙකි. යහපත් සමාජයක හැදී වැඩී, ටියුෂන් ව්‍යාපාරය නොකරන යහපත් ගුරු පියවරුන්ගේ ආශ්‍රය ලැබීමට මොහු පින් කර ඇත. ටියුෂන් මාරයාගෙන් මිදී අධ්‍යාපනය සහ ක්‍රීඩා (ක්‍රිකට් වැනි කාලය කා දමන ක්‍රීඩා නොව) කරමින්, පාසල් අධයාපනයෙන්ම ඉඩ සලසා ඇති යෝගී සහ භාවනා ක්‍රම ගැනද යම් ප්රගුනත්වයකින් යුක්තව සමබර මනසකින් යුතුව හොඳින් ගුණ ධර්ම ඉගෙනගෙන, යහපත් සහ පින්වත් මිනිසෙක් ලෙස සමාජයට එක්වන්නට මොහුට වැඩි ඉඩකඩක් ලංකාවට වඩා මෙහි ඇත.
කවද්ද දරුවත් වඩාගෙන එංගලන්තයට යන්නේ? මොන මොන ක්‍රමවේද වලින් හරි ඉතාලියට පැනගත්තු අපේ කට්ටිය යුරෝපා පාස්පෝර්ට් එක ලබා ගත්ත හැටියේ කරන්නේ ඒකනේ.
නම තමයි ටිකක් අවුල්. ඉටලෝ බණ්ඩාර කියන නම හරියට නිකන් හරියට පිට කසයි, මල් පිපෙයි වගේ...
එංගලන්තයේ ජීවිතය එතරම් සුන්දර නැහැ. මෙහි ලංකාවේ වැඩි කොටසක් කරන්නේ පෙට්‍රල් ෂෙඩ් වල වැඩ කිරීමයි. කොටසක් හෝටල්වල අඩු පඩියට වැඩ කිරීමයි. ඉතිරි කොටස කරන්නේ මොනවත් නොකර නගරසභාවෙන් දෙන 'බෙනිෆිට්' මුදලින් යැපීමයි. දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය නොමිලේ ලබාගන්න පුළුවන් වීම මෙහි එකම වාසියයි. එත් බොහෝ 'පබ්ලික්' (රජයේ) පාසල් වල අධ්‍යාපනය ඉතාමත්ම පහල මට්ටමකයි ඇත්තේ. අධික මුදලක් ගෙවා පුද්ගලික පාසල් වලට යවන්න පුළුවන් කමක් ඇත්තේ අතළොස්සකටයි. ඔවුන් ඉහළ පඩිගන්නා කළමනාකරණ, බැංකු ක්ෂේත්රයේ, ගණකාධිකාරී හෝ විශේෂඥ වෛද්‍ය (ලංකාවේ සිට එන බොහෝ අය සාමාන්‍ය දොස්තරලාය) ක්ෂේත්රයේ අයයි.
කුමක් හෝ තක්කඩිකමක්, මගඩියක් කරලා එංගලන්තෙට වීසා එකක් ගහගෙන එංගලන්තෙට පැනගෙන ඉන්න සිරිමල්ලා වගේ අය බන්ගලියෝ, ඉන්දියන් කාරයෝ, පකිස්තානුවන් (එංගලන්ත සුද්දන් ඇහැටවත් නොදැක) ළඟ බැල මෙහෙවරකම් කරගෙන නාට්ටාමිකම් කරලා හම්බකරන සොච්චමෙන් වීසා ගාස්තුව හා ඉන්දියන් ලෝයර්ස්ලට ගෙවලා වීසා දික්කරගන්න පෝලිම් වල සිටිද්දී, ඉතාලිය ප්‍රංශය හා ජර්මනියෙන් එංගලන්තෙට නීත්‍යානුකුලව පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට රැව්වට, ගෙරෙව්වට, ඉරිසියාකම් කළාට පලක් නැහැ. සිරිමල්ලා පැනගෙන සිටින රට කුමක් වුවත්, සිංහලයාගේ ජන්මයෙන් තියෙන සුනඛ ගතිය නම් නැතිවෙලා නැහැ වගේ තවම...
සිරිමල් ගේ ආකල්ප හා අදහස් වලින් නම් පෙනෙන්නේ, එංගලන්තෙට නෙමේ, ඉතියෝපියාවටවත් යන්න සුදුසු අයෙක් නොවන බවයි. අර ප්‍රීති ලියල තියනවා වගේ, ඉන්දියන් පකිස්තාන් කාරයෙන්ගෙන් ටොකු කකා, එංගලන්තේ වීසා අලුත් කරගන්න බැරිව පීඩාවෙන් සිටින ඔබ වැනි අය ගැන අනුකම්පා කරනවා හැර වෙන මොනවා කරන්නද? ඉස්සර නම් එංගලන්තෙට හෝ යුරෝපයට සංක්‍රමණය වුයේ වැදගත් මිනිස්සු. නමුත් සිරිමල් වගේ අය නිසා එංගලන්තේ සුද්දෝ නහය වසා ගෙන පොදු ප්‍රවාහන සේවා වල යන එක ඉතින් අහන්නත් දෙයක්ද?
හපොයි... සිරිමල්, ලංකාවෙන් කෙලින්ම රැකියාවලට මෙහෙට එන්න පටන් ගත්තේ මේ අවුරුදු දහය ඇතුලත HSMP වීසාව යටතේයි. දොස්තරලා පවා ඉස්සර මෙහෙ පැමිණියේ වැඩිදුර අධ්‍යාපනයට නමුත් ලංකාවේ කොන්ත්‍රාත්තුව තුට්ටුවකට මායිම් නොකරපු ආත්මාර්ථකාමී සමහරු මෙහෙ රෝහලක රැකියාවක් සොයා ගත්තා. වැදගත් වෛද්‍යවරු පුහුණු කාලසීමාව නිමා වූ පසු ලංකාවට ගොස් මෙහෙට වඩා ආර්ථික සහ සාමාජික වශයෙන් හොඳින් තවමත් ඉන්නවා. අවුරුදු දහයකට පෙර මෙහි පැමිණි වැඩි හරියක් පුරවැසිකම ගත්තේ ඉහත චන්දන ලියා ඇතිසේ 'රෙෆියුජි' ගසා ය. ලංකාවෙන් රස්සාවලට කෙලින්ම ගෙන්නන්න තරම් අවුරුදු දහයකට කලින් මේ රටට අහේනියක් තිබ්බේ නැහැ.
කව්රු කව්රුත් යුරෝපයේ සබැ තත්වය කියනවම් කාටත් ප්‍රයෝජනයි. සුදු ජාතිකයන්ට විදෙසිකයෝ ඉන්නවට කැමතිම නැහැ. එංගලන්තයේ පමණක් අවුරුද්දකට ළමයි 15 ,20ක් පිහිවලින් ඇනලා මරා දමනවා ,කළු සුදු බේදය නිසා කුඩා දරුවන් පාසල් වල මානසිකව කායිකව විදවන තරම ,ඔවුන්ට එය දරා ගැනීමට නොහැකි නිසා මෑතකදී එක් දරුවෙක් ගෙදරින් පැන ගිහින් තිබුණා, අද යුරෝපයේ ආර්ටිකය කඩා වැටීමට හේතුව පිටස්තරයන් නිසා විදෙසිකයෝ වහ කදුරු ගානට වැටිලා ඉන්නේ.
මෙහි අදහස් දක්වන සියලුම දෙනා පසුගිය වසර 10 ක පමණ කාලයක් තුල එංගලන්තයට පැමිණි අය බවයි පෙනෙන්නේ. ම දන්නා අන්දමට 1980 ට කලින් ලංකාවේ අයට එංගලන්තයට එම සඳහා විසා ගැනීමට අවශ්‍ය උනේ නැහැ. ඒකාලයේ ලංකාවේ ගුවන් ගමන් බලපත්‍ර සහිත අයට මාස 12 කට විසා ලබාදුන්නේ ලන්ඩන් ගුවන් තොටුපලේදියි. 1980 කාලයේ ලංකාවේ පැවති යුද්ධය උපයෝගී කරගෙන සිය ගණන් දෙමල තරුණයින් එංගලන්තයට පැමිණීමත් දේශපාලන රැකවරණය ඉලිමත් නිසා බ්‍රිතාන්‍ය රජයට එම ක්‍රමය වෙනස්කර ලංකාවේ ගමන් බලපත්‍ර ඇති අයට ගමනාරම්භයට පෙර විසා ලබා ගැනීම අත්‍යාවශ්‍ය කිරීමට සිදුඋනා. 1980 ට කලින් කොළඹ තිබුන " බ්‍රිතාන්‍ය කවුන්සිලය" නම්වූ කාර්යාලයෙන් එංගලන්තයේ රැකියා පිළිබඳව ප්‍රචාරය කරමින් සුදුසුකම් ඇති අය බඳවාගෙන රැකියාවල් සඳහා " වරක් පර්මිට්" ලබාදෙන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළා. ඒකාලයේ ලංකාවේ අය එංගලන්තයට ආවේ එක්කෝ ඉගෙන ගන්න නැත්නම් ඔය කියන ක්‍රමයට රස්සාවල් කරන්න. දැන් තමයි මේ පිංපඩි ගන්න බලාගෙන එන නිකමුන් නිසා ලංකාවේ නම කැත වෙලා තියෙන්නේ. ඇත්ත ඇති හැටියෙන් නොදන්නා නිසා ඒ ගොල්ලෝ ඒබව පිළිගන්න එකක් නැහැ.