(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
රූපලාවන්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා රූපලාවන්‍යාගාරයකට පැමිණි තම වෛද්‍ය බිරිඳ එම ස්ථානයේදී මියයෑමෙන් සිදුවූ පාඩුවට රුපියල් කෝටි 4ක මුදලක් එම රූපලාවන්‍යාගාරය පවත්වා ගෙන ගිය වෛද්‍යවරයාගෙන් අයකර දෙන ලෙස ඉල්ලා ඉංජිනේරුවරයෙකු කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා ඇත.
ඉංජිනේරු ගාමිණී චන්ද්‍රසේකර මහතා ගොනු කර ඇති මෙම නඩුවේ වගඋත්තරකරු ලෙස වෛද්‍ය නිමල් ගමගේ මහතා නම් කර ඇත.
ගොනු කර ඇති පැමිණිල්ලේ මෙසේද සඳහන් වේ.
වගඋත්තරකාර වෛද්‍යවරයා කොල්ලූපිටිය ප‍්‍රදේශයේ රූපලාවන්‍ය ප‍්‍රතිකාරයන්ට සම්බන්ධ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යයි.තම බිරිඳ වන වෛද්‍ය ප‍්‍රියංගනී පීරිස් මහත්මිය 2014 වසරේ අගෝස්තු 12 වැනිදා ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා එම වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුළත් වූවාය.ඇය එහිදී මරණයට පත් වූවාය.ඇයට දරු දෙදෙනෙක් සිටිති.මෙම මරණය සිදු වූයේ වගඋත්තරකරුගේ නොසැලකිල්ල හේතුවෙනි.
අද (16) දින මෙම නඩුව කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු ජයකී ද අල්විස් මහත්මිය හමුවේ විභාගයට ගැණිනි.
එහිදී කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය දුමින්ද පෙරේරා මහතා සාක්කි ලබා දුන්නේය.
අදාළ රූපලාවන්‍යාගාරය සුදුසු තත්ත්වයේ නොවූ බවත් , හදිසි අවස්ථාවන්හිදී පාවිච්චියට අවශ්‍ය උපකරණ නොවූ බවත් සාක්කිකරු නඩු විභාගයේදී කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2014 වුන සිද්ධියකට ඇයි දැන් කටයුතු කරන්නේ? ඇයි එ් දවස්වලම කටයුතු නොකර? මේවා තමයි රටේ නීතිය ක්‍රියාත්මක කරන අයතනයේ තිබෙන ගැටලු... මෙහෙම යල් පැන ගිය ඒවා බාරගන්න නිසා වෙන්නේ රටේ මුදල් වගේම කාලය නිකරුනේ නාස්ති වීමයි... මොකද මේවා විසඳන අායතන සහ පිරිස් නඩත්තු කරන්නේ මේ රටේ මහජනයාගෙන් ගන්න බදු මුදල් සහ රට ණය වෙලා ගන්න සල්ලිවලින්...
වැරදි කරන දොස්තරලාට විරුද්ධව නඩු කියන එක හොඳ දෙයක්.
ඉංජිනේරුවරයා නඩු දානකම් නීතිපති මොනවද කලේ ? සාමාන්‍ය අයෙකුට මෙසේ සිදුවුවානම් නඩු කියන්නේ කෙසේද ?
මේ සිද්ධියෙදි මැරිලා තියෙන්නෙත් වෛද්‍යවරියක් නිසා නීතිය හරියට ක්‍රියාත්මක වෙයි. මැරුනේ වෙන වෘත්තියක කෙනෙක් නම් මේ රූපලාවන්‍යාගාරය පවත්වාගෙන ගිය වෛද්‍යවරයාට කිසි දෙයක් වෙන්නෙ නෑ ..