IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ඉංජිනේරුවා අභිරහස් ලෙස මැරිලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිව සිටි  ඉංජිනේරුවෙකු ඔහුගේ නිවස තුළ අබිරහස් අයුරින් මියගොස් සිටියදී අද දහවල් හමුවූ බව කහතුඩුව පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට ජයලියගම සියඹලාගොඩ පදිංචිව සිටි පි ඒ පුෂ්පකුමාර නිශ්ශංක 58 යන අයයි.

යාබද නිවසේ පුද්ගලයා ඉංජිනේරුවරයාගේ නිවසින් කිසිදු ශබ්දයක් නොවීම හේතුවෙන් තවත් පුද්ගලයකු සමඟ පැමිණ නිවසේ දොර ජනේලවලට ගසා ප්‍රතිචාරයක් නොවූ හෙයින් නිවසේ ජනෙලය විවෘත කරගෙන ඇතුළු වී කාමරය පරීක්ෂාකර අනතුරුව සාලය වෙත පැමිණ බැලීමේදී ඉංජිනේරුවරයාට නිවසේ සාලයේ හාන්සි පුටුවක් අසල මුනින් අතට ලේ විලක් මැද මැරී වැටී සිටින අයුරු දැක තිබූ බව පොලිසිය කියයි.

එම පුද්ගලයා කහතුඩුව පොලිසියට කරන ලද  දැනුම්දීමක් අනුව පොලිස් නිලධාරීන්ට එම නිවස වෙත ගොස් පරීක්ෂණ ආරම්භ කෙරිණි.

ඉංජිනේරුවරයා පමණක් නිවසේ තනිවම සිට ඇති අතර ඔහුගේ බිරිඳ මඩකලපුව ප්‍රදේශයේ රෝහලක සේවය කරන බවට පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

ඉංජිනේරුවරයාගේ මරණය ඝාතනයක්ද ? සියදිවි නසා ගැනීමක්ද? එසේත් නොමැති නම් සාමාන්‍ය මරණයක් ද ? යන්න පැති කීපයක් ඔස්සේ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය.

 



අදහස් (0)

ඉංජිනේරුවා අභිරහස් ලෙස මැරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 165 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 657 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1060 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site