
(රෝෂන් තුෂාර)
එක්සත් ජාතික පක්ෂයේ "සිරිකොත" පක්ෂ මූලස්ථානය අලුත් වැඩියා කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් යොදවා ගැනීමෙන් රජයට පාඩු කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද නියෝග කළේය.
නිලූ දිල්හාර විජේදාස නැමැති සැකකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසට කොන්දේසියක්ද පැනවීය.
එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය “ සිරිකොත ” ගොඩනැගිල්ල 2019 වසරේදී අලුත්වැඩියා කිරිමට යෙදවීමෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රු. 1,667,294.87 ක පාඩුවක් ද, එක්සත් ජාතික පක්ෂයට අයුතු ලාභයක් ද, සිදු කිරීම සම්බන්ධයෙන් මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd