
(සුජිත් හේවාජුලිගේ)
විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන කාර්යාලය කළ විශේෂ විගණනයකදී හෙළිවී ඇත.
මේ හේතුවෙන් විදෙස් රටවල රැකියාවල නිරත සුදුසුකම් ලැබූ පුද්ගලයන් රැසකට එම බලපත්‍ර ලබා ගැනීමට හැකිවී නැතැයි විගණකාධිපති ඩබ්ලිව්. පී. සී වික්‍රමරත්න මහතා පැවසීය.
රට විරුවන්ට විද්‍යුත් වාහන ගෙන්වීමට බලපත්‍ර ලබාදීමේ වැඩ පිළිවෙළ ආරම්භ කරනු ලැබුවේ පසුගිය ආණ්ඩුව සමයේදීය.
එම බලපත්‍ර වැඩපිළිවෙලේදී තවත් අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම විශේෂ විගණන වාර්තාව විගණකාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට බාරදෙනු ලැබීය.
එම වාර්තාව ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
විගණන වාර්තාවෙන් රජයට නිර්දේශ ගණනාවක්ද ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට ඇත.
රට විරුවන්ට විද්‍යුත් වාහන ගෙන්වීමට බලපත්‍ර දීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අනාවරණයවූ කරුණු පදනම් කරගෙන ජාතික විගණන කාර්යාලය එහි නිලධාරී කණ්ඩායමක් යොදාගෙන මාසයකට වැඩි කාලයක් තිස්සේ එම විගණනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පර්මිට් මරික්කාර් ගේ වැඩක්ද දන්නෑ..
මයිනා පවුලයි, ජොලි සීයයි නැහැයි කියන්නේ රට විනාශ කළ හොර රැළක්...
පසුගිය රජය කෝකටද විද්දේ නැත්තේ..? දශක හතකින් දුෂිතම පාලන කාලය... රට බංකලොත් වෙලත්, ඔවුන් නෙමෙයි අත ඇරියේ...!
අත්දැකීම් තියන කට්ටියනේ හිටියේ..!
ඒ විගණන නිලධාරි කණ්ඩායමට මෙම කාර්යය සඳහා ගෙවීම් කළේ IMF ණය වලින්ද?
රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේශපාලුවන්ට ඕවත් වැඩද?
බොරු ඕනේ නෑ... මගේ මස්සිනත් හිටපු කැබිනට් ඇමති යාළුවා හින්දා කාර් සෙල් එකට EV (විද්‍යුත් කාර්) 20-25ක්ම ගෙන්නුවා. මේවා ඉතින් ජනතාවගේ ඡන්දයෙන් ඇවිත් ඩොලර් මිලියන ගානක් ගසා කන වැඩ තමයි.
මනූෂ දුන්නා එහෙනම් ඒකටත්...