(රංජන් කස්තුරි)
ඉකුත් දින පනහේ ආණ්ඩු සමයේදී අධ්‍යාපන අමාත්‍යංශයේ සිදු වූ ක්‍රියාකාරකම් පිළිබඳව වාර්තාවක් ලබාදෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
එම කාලය තුළදී චක්‍රලේඛ උල්ලංඝණය කරමින් සිසුන් පාසල්වලට ඇතුළත් කිරීම, ගුරුමාරු සිදුකිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් අධ්‍යාපන අමාත්‍යංශයේ සිදුව තිබෙන බවද අකිල විරාජ් කාරියවසම් මහතා කීය.
අධ්‍යාපන ඇමැතිවරයා ලෙස එම අමාත්‍යංශයේ දී අද (21) පෙරවරුවේ රාජකාරී ආරම්භ කරමින් අකිල විරාජ් කාරියවසම් මහතා එසේ සඳහන් කළේය.
මේ අතර පාසල් දරුවන්ගේ නිල ඇඳුම් සඳහා ලබාදෙන වවුචර්පත් ලබන පාසල් වාරය ආරම්භයත් සමඟ සිසුන්ට ලබාදෙන බවද ඇමැතිවරයා කීය.
නිල ඇඳුම් වවුචර්වල කාලය පෙරවාරි මස 28 වැනි දා දක්වා දීර්ඝ කරන බවද ඇමැතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය අවුරුදු 3ම ගිය ආන්ඩුවේ වැරදි හෙව්වා වගේ මීලඟ අවුරුදු එකහමාරත් පහුගිය දින 50 වැරදි හොයන්න. අමාත්‍යාංශයටයි, රටටයි වැඩක් කරන්න යන්නේ කවද්ද? බලේට එනකොට මොලේ නැතිවෙනවා. මොලේ එනකොට බලේ නැතිවෙනවා...
අර ඔබතුමාගේ මූණ ළමයින්ගේ පාඩම් පොත් වල ඉස්සරහට දාලා ළමයින්ට බෙදන්න තිබුණු වැඩ පිළිවෙල වෙනස් කරලා සාමාන්‍ය විදියට පොත් ලබාදෙන්න තීරණය කරපු ජනතා විරෝධී නිලධාරීන් ගැනත් වාර්තා කරන්න. එ්ක මොන තරම් වැරදි වැඩක්ද? මේ වගේ උත්තමයෙකුට අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන්කළ මුදලින් තමන්ගේ මුහුණ පුම්බගෙන මීළඟ මැතිවරණයට යන්න තිබුණු අවස්ථාව නැති කිරීම ගැන මොකද කියන්නේ?
පසුගිය දින පනහ ගැන හොයන්න කලින් පසුගිය අවුරුදු තුනේ රටේ ජනගහනය වැඩිවීමේ අනුපාතයට අනුව හදපු එක පාසලක්, එක විශ්ව විද්‍යාලයක නමක් කියන්න බලන්න. විදේශ රැකියා සඳහා ශ්‍රමිකයන්ට පුහුණුව ලබා දෙන්න නව තාක්ෂනය උගන්වන්න ආරම්භ කරපු එක පාඨමාලාවක්, එක කාර්මික විද්‍යාලයක් කියන්න බලන්න. දැන් ඔය රාජකාරි ආරම්භ කරන්න යනවා කියන්නේ, පසුගිය අවුරුදු තුනේ තමුන්ටයි තමුන්ගේ කාර්ය මණ්ඩලයටයි, පිට රට සවාරි වලටයි, ගිය වියදමත් එක්කල තමුන් කරපු රාජකාරි වැඩ සන්සන්ධනය කරලා වාර්තාවක් ජනතාවට දෙන්න බලන්න.
මේ සමග වැදගත් වෙන්නේ අනිකුත් අමාත්‍යංශ වලත් රාජ්‍ය ආයාතනවලත් සිදුවූ දේවල් ගැන සොයන එක. සමහර පසුගිය වැරධි වලට අදාළ ලිපිලේඛන එහෙමත් එහාට මෙහාට යට ගියාලු.
ඒ පාර දින 50 මුව හම.