
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ‘දාස්ත් ඊ බර්චී’ නමැති පළාතේ ෂියා මුස්ලිම් පාසලකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 29 කි.
රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් ඇෆ්ගන් රජය පවසා ඇත්තේ තුවාල ලැබූවන් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ තව තවත් ඉහළ යා හැකි බවත්ය.
‘දාස්ත් ඊ බර්චී’ යනු කාබුල් අගනුවර, හසාරා, නමින් හැඳින්වෙන, ෂියා මුස්ලිම්වරුන් බහුලව වාසය කරන පළාතකි. ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ සුන්නි මුස්ලිම් අන්තවාදී සාමාජිකයන් යැයි අනුමාන කෙරේ. බෝම්බ ප්‍රහාරය එල්ල වෙද්දී, පාසලේ විභාගයක් පැවැත්වෙමින් තිබුණි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ ! මොවුන් කවදා සත්‍ය තේරුම් ගනීවිද ? ලෝකය මේ යන්නේ මෘග සඤ්ඤාව දෙසට නේද ?