




(ඩබ් ඒ පියතිලක)
මින්නේරිය වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින්, හිගුරක්ගොඩ බුද්ධයායේ ඇළ මාර්ගයක් සංවර්ධනය කිරිමට යැයි පවසමින් පොල් ගස් 1500ක් පමණ ගලවා විනාශ කරමින් සිටින බව බුද්ධයාය පැරකුම් ගොවි සංවිධානයේ ගොවියෝ පවසති.
මේ පිළිබඳ අදහස් දක්වමින් හිගුරක්ගොඩ බුද්ධයාය ඩී -5 ඇළ මාර්ගයේ පැරකුම් ගොවි සංවිධානයේ නියොජිත එම්.ජි.ලොකු බංඩා මෙසේ පැවසූවා ය.
‘මේක හෙන ගහන අපරාධයක් මේ වාරිමාර්ග නිලධාරින් කරන්නේ. ඇළ මාර්ගයක් සංවර්ධනය කරන්න ඕනි මුලින්. නමුත් දැන් කරන්නේ මුල සහ අග ඉතුරු කරලා මැදින් පටන් අරන් තමයි මේ අපේ ඇළ ඉවුරේ තියෙන පොල් ගස් 1500-2000ක් විතර විනාශ කරන්න හදන්නේ. මේවන කොට මාගේ පොල් ගස් 100ක් විතර ගලවා විනාශ කරලා ඉවරයි. ඒ වාගේම අනිත් අයගෙත් පොල් ගස් මේවන විට 200ක් විතර ගලවලා දලා ඉවරයි. තව බැකෝ 4ක් දාලා පොල් ගස් 1500-2000ක් විතර ගලවමින් තියෙන්නේ. අද වන විට පොල් ගෙඩිය මැනලා දෙන තත්වයට පත් වුණේ පොල් හිඟ නිසා කියලා.’
කරන සංවර්ධනයක් කරන්න පොල් ගස් ටික කපන්නේ නැතුව. අපි සිරිපාල ගම්ලත් ඇමැති තුමාත් හමු වුණා. එත් වැඩක් වුනේ නෑ. මුළු හිගුරක්ගොඩටම පොල් දෙන්න පුළුවන් පොල් ගස් ටික තමයි මේ වාරිමාර්ග එකේ හරක් ටික ගලවලා විසි කරලා දානනේ. දෙයියනේ මේවා බලන් ඉන්න බෑ. වහ ටිකක් කාලා මැරෙන්න හිතෙනවා. වැවක් සුද්ධ කරන්න කියපුවාම බැකෝ නෑ කියන වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද බැකෝ හතරක් දාලා පොල් ගස් ටික විනාශ කරනවා මේ පුදුම ලෝකයක්. නමුත් මේ තරම් විශාල පොල් ගස් ගොඩාක් ගලවලා ඉවත් කරන්නේ නැතුව ඒ සංවර්ධනය කරන්න කියලා ගම්වැසියන් ඉල්ලා සිටිනවා.’
මේ සම්බන්ධයෙන් මින්නේරිය වාරි ඉංජිනේරු අංජන අබේසිංහ මහතාගෙන් විමසීමක් කිරිමේදී මෙසේ පැවසීය.
‘මම දැන් ඔය කියන ස්ථානයට එන ගමන් ඉන්නේ .ඇවිත් බලලා උත්තරයක් දෙන්නම්.’
මද වේලාවකින් එම ස්ථානයට පැමිණි වාරිමාර්ග ඉංජිනේරුවරයා එම ස්ථානය නිරික්ෂණය කිරිමට පැමිණීමත් සමඟ ගොවින් ද එම ස්ථානයට පැමිණ දෙපිරිස අතර උණුසුම් තත්වයක් ඇති විය.
එහිදී ගොවියෝ කියා සිටියේ පොල්ගස් 2000ක් පමණ විනාශ කර කරන සංවර්ධනය වහාම නවත්වන ලෙසයි. වාරිමාර්ග ඉංජිනේරුවරයා පවසා සිටියේ මේ පොල්ගස් සිටවලා තියෙන්නේ ඇළ රක්ෂිතයේ බැවින් පොල්ගස් ඉවත් කළ යුතු බවයි. කෙසේ නමුත් ගොවින්ගේන් පොල්ගස් ඉවත් කිරිමට එරෙහිව දැඩි විරෝධයක් දැක්විමෙන් පසු තාවකාලිකව එම සංවර්ධන කටයුත්ත නවතා දමන බව පවසා එම ස්ථානයෙන් වාරිමාර්ග ඉංජිනේරුවරයා පිටව ගියේය.
රක්ෂිතයක් තුළ පොල් ගස් 2000ක් විතර විනාශ කර දමන්නේ නැතුව ඒවා රජයට පවරාගෙන හෝ මේවන විට රට තුළ පොල් අර්බුදයක් පවතින අවස්ථාවේ එයින් ප්‍රයෝජන ලබා ගන්නවා මිස ඒවා ගලවා ඉවත් කිරිම ද කළ යුත්තේ යැයි බලධාරින්ගේන් ගොවියෝ විමසා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබුද්දස්ස කාලේ. පොළට ගියාම පොල් ගෙඩිය මැනලා විකුණන තරමට පොල් හිඟ වෙච්ච රටේ, පොල් ගස් 1500ක් කපා දාලා... හැබැයි මීට වඩා හුස්ම ඉහළට ගන්න වෙන වැඩ වෙනවා. චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලෝක වන විනාශය ගැන තොරතුරු සපයන ග්ලෝබල් ෆොරස්ට් වොච් ආයතනය පෙන්නලා තියෙනවා ලංකාවේ ඇඳිරි නීතිය තිබ්බ කාලේ වෙච්ච මහා වන විනාශයක්... හැබැයි ජුනි, ජූලි, අගෝස්තු ප්‍රස්ථාරය "පස්සේ" වෙනස් වුණා. දැන් ආපහු සැප්තැම්බර් ප්‍රස්ථාරය ඉතාම ඉහළට ගිහින් තියෙනවා. ඒ කියන්නේ මහා වන විනාශයක් ලංකාවේ සිද්ධ වෙනවා. මේ තරම් ඉතාම සංවිධානාත්මක විදිහට කවුද රක්ෂිත විනාශ කරන්නේ කියලා කාට හරි ප්‍රශ්නයක් තිබ්බා නම් දැන් උත්තරේ ලැබිලා තියෙනවා. උත්තරය හමුදාව. ඇඳිරි නීතිය කාලේ මිනිස්සු ගෙවල්වලට කොටු කරලා, සමාජ ජාල බය කරලා, සමහරු හිරෙත් දාලා, හමුදාව රටපුරාම රක්ෂිතවල ගස් කපා දාලා තියෙනවා. තහවුරු නොකළ ආරංචි වලට අනුව මේ දවස්වල අනුරාධපුරේ ඉඩම්, අක්කර 2, 3, 5 වැනි කුඩා කොටස් අරන් එකට එකතු කරනවා ඇමරිකන් සමාගම්... ඇයි මොවුන්ට පූජා භූමිම ඕනේ? අනුරාධපුරය ගැන බෞද්ධයන් නොදන්නා, මමත් දැන්ම කියන්න අකමැති, නමුත් ඇමරිකන්කාරයන් දන්නා රහස් තියෙනවා. ඔවුන් කරන්න හදන්නේ කැණීම්.
මේවා කාට කියන්නද?
ඇමරිකන් සමාගම් අනුරාධපුරයේ ඉඩම් කුඩා කොටස් වශයෙන් ගන්න කතාව ඇත්ත කියලා ඒ පළාතේ කෙනෙක් ලියපු කොමෙන්ට් එකක් වෙන තැනක දැක්කා. මේ විදිහට ඉඩම් විකුණන සිංහලයින්ට කියන්නේ, අනාගතේ මේ ඉඩම්වල වැඩට එන්නේ ඇමරිකන් කාරයින්. බොහෝවිට සිවිල් වැසියන් වේශයෙන් හමුදා භටයන් වෙන්න පුළුවන්. මේ ඉඩම් එකට එකතු කරලා, වටකරලා ඒවාට යන්න අලුත් පාරවල් හදනවා. සිංහලයින්ට ඒ පළාත්වලට යන්න තහනම් වෙයි. මේ ව්‍යාපෘතිය අලුත් එකක් නෙමෙයි. යහපාලනය කාලෙත් ආවා. රනිල් කිව්වා ජය සිරි මහ බෝධිය සහ රුවන්මැලි සෑය වටකරලා අධි ආරක්‍ෂිත වැටක් හදනවා කියලා. හේතුව ඊට මෙහා තියෙන සියලු ඉඩම් ඇමරිකන් කාරයින්ට දෙන්න. නමුත් මහජන විරෝධයක් එනකොට රනිල් ඒ වැඩේ නොකර හිටියා. රට අන්‍යාගමික කරයි කියලා අපි බයේ හිටපු රනිල්වත් නොකරපු දේවල් සිංහල බෞද්ධ කියලා හිතපු ජනාධිපති සහ ආණ්ඩුව කරනවා.
මේවට කොහෙන් හිනාවෙන්නද අපේ හාමුදුරුවනේ... ?
පොල් හිඟකාලේ කියපු වැඩක්නේ කරලා තියෙන්නේ. ජයවේවා..!!!
මේ අයට ගස් පේන්නම බෑ...
අනාගතේ අපිට පොල් මනින්න වෙන්නේ ටේප් එකෙන් නෙවෙයි කන්හැන්දෙන්.
ඇල සංවර්ධනය කරනවිට රක්ෂිතයත් එළිකරන්න ඕනෑ නැහැ නේද ඉංජිනේරුතුමෝ...? ඇලෙන් ඉවත්කරන රොන්මඩ වැනිදේ පොල්ගස් වලට යොදා ගස් සශ්‍රීක කරන්න පුළුවන් කියලයි මම හිතන්නේ. ඒ හැරත් ගස් වාරිමාර්ග රක්ෂිතයේ නම් ගොවීන්ට බදුදීමට වාරිමාර්ග කට්ටියට අදහසක් පහළ වුනේ නැද්ද? මේවා කරවන අයට පොතේ උගත්කම තිබුණත් යහපත් ආකල්ප හා කුසලතා කිසිවක් නැතිබවයි පෙනෙන්නේ.. යහපත් ආකල්ප තිබෙන කිසිවෙකු මෙවැනි විනාශකිරීම් කරන්නේ වත් කරන්න උපදෙස් දෙන්නේවත් නැත.
69 ලක්ෂයක් ඔය වැඩ අනුමත කරලා තියෙන්නේ.
කුරවල් වුණු කැබිනෙට්ටුව ඇමැතිවරු පත්කරන්නේ පොල් ගෙඩි මැන මැන ඉන්න නොවේ. බන්දුල මහත්තයෝ අනාගත වැඩපිළිවෙළක්, නව අදහස් ඉදිරිපත් කරන්න. පොල් ඉඩම් කොටස්කර විකිණීම වහාම තහනම් කරන්න. එහෙම බැරි නම් පොල් පිටරටින් ගෙන්වන්න ඊයෙත් මින්නේරියේ පොල්ගස් 200ක් විතර ගලවලා. මේ මුග්ධ නිලධාරීන්ට දැක්මක් නැහැ.
මේ ආණ්ඩුවට ගස් පෙන්නන්න බෑනේ.. කොහේ හරි සංවර්ධනයක් කියලා ගස් කපන එක තමයි කරන්නේ..
හොඳ වැඩේ. මක්කයි දැන් කරන්නේ?
මොළ ගෙඩි වලට හෙන ගහලද සිහලුනේ....
ඔහොම කරගෙන යන්නකෝ...
රටට පොල් අවශ්‍ය නැහැ. යුරෝපා, ඇමෙරිකානු, ඕස්ට්‍රේලියානු මිනිස්සු පොල් කනවද?
ගස් කැපුවාට කමක් නැහැ. ඒවා ප්‍රචාරය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් කියා අද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරලා. අබුද්දස්සකාලේ ලබුත් තිත්තලු. ඉදිරි අවුරුදු 5 තුළ රට කාන්තාරයක් වෙනවා නොඅනුමානයි. කතාකරන්න විදිහක් නැහැ. මිනිස්සුන්ගේ කටවල් බලෙන් වහනවා.
ඇල දෙපස රක්ෂිතක් තිබෙන්නේ හේතුවක් ඇතිවයි. ඒ පසු කාලයක ඇලට පහලින් ඇති ප්‍රදේශවල අවශ්‍යතා සඳහා ඇල මාර්ගයේ පුළුල් කිරීම් සඳහායි. දෙපස ජීවත්වෙන උදවිය එවැනි තැන්වල පොල් හෝ වෙන ගස් සිටුවීම වරදක්. මෙවැනි දේට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට දොස් පැවරීමෙන් වැඩක් නැහැ.
"සර්" ට ගස් පේන්නම බෑ වගේ. මේක කාන්තාරයක් කරන්න සර්..
පොල් සිටවා තිබෙන්නේ රජයට අයිති ඉඩම්වල නම් රාජ්‍ය බාරයට ගැනීමයි කළයුත්තේ. මේ අවස්ථාවේ පොල් මිල ඉහළ යන නිසා පොල්ගස් කැපීම සුදුසු නැත.