
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ වාරි මාර්ග අංශයට නව ප්‍රවේශයක් ලෙස, වාරි ජලය නළ මාර්ග මඟින් බෙදා හැරීමේ පද්ධති හඳුන්වා දීම පිණිස වන නියමු ආදර්ශ ආකෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දිගු කාලීනව පවතින නියඟ හේතුවෙන් බෝග අස්වනු ප්‍රමාණය අඛණ්ඩව පහත වැටීම සහ ඉහළ යන වර්ෂාපතන තීව්‍රතාවයේ ප්‍රතිඵලයක් ලෙස පස්වලින් සාදන ලද ඇළ මාර්ග පද්ධති පරිහානියට පත් වීම, ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ කුඩා ඉඩම් හිමි වගා කරුවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝග දෙකක් ලෙස හඳුනාගෙන ඇත. එබැවින්, එම අභියෝගයන්ට විසඳුමක් ලෙස අඩු ප්‍රවාහන ක්ෂමතාවකින් ක්‍රියාත්මක වන විවෘත ඇළ මාර්ග වෙනුවට වාරි ජලය නළ මාර්ග මඟින් බෙදා හැරීමේ පද්ධති හඳුන්වා දීමට යෝජනා වී තිබේ.
ඒ අනුව, ඒ සඳහා සවිස්තරාත්මක තාක්ෂණික අධ්‍යයනයක් වශයෙන් හෙක්ටයාර් 877ක පමණ වගා බිම් ප්‍රමාණයක් ආවරණය කරමින්, වෙනස් වූ නළ ජල වාරි මාර්ග ආකෘතීන් 03ක් යටතේ, ආදර්ශ වශයෙන් පෙන්වා දීම පිණිස නියමු ව්‍යාපෘති 04 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
නළ මාර්ග මඟින් වාරි ජලය බෙදාහැරීමේ පද්ධති යොදා ගැනීම හරහා සාම්ප්‍රදායික විවෘත ඇළ මාර්ග පද්ධතීන් තුළ සිදු වන වාරි ජල අපතේ යාම අඩු කිරීම, ජල හිඟයෙන් පීඩා විඳින ගොවින්ට සහනයක් ලබා දීම, ඉහළ වටිනාකමක් ඇති ආහාර බෝග වගාව වෙත කුඩා ඉඩම් හිමි වගාකරුවන් යොමු කිරීම, කෘෂිකර්මාන්තයේ කාන්තා සහභාගිත්වය ඉහල නැංවීම ආදී අරමුණු ළඟා කර ගැනීමට අපේක්ෂා කර තිබේ.
ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුවේ සංවර්ධනය වෙමින් පවතින සාමාජික රටවල් Co Japan Foundation for Prosperous and Resilient Asia and the Pacific (JFPR) සහ ආසියානු සංවර්ධන බැංකුව වෙතින් සපයනු ලබන ඇමෙරිකානු ඩොලර් මිලියන 3.3ක ප්‍රදානයක් මඟින් සලසා දෙනු ලබන අරමුදල් සහ ශ්‍රී ලංකා රජයේ අරමුදල් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.68ක් යොදා ගනිමින් නියමු ආදර්ශ ආකෘති 03 ක් වයඹ පළාත තුළත්, තවත් එක් නියමු ආදර්ශ ආකෘතියක් ඌව පළාත තුළත් ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් එවුන් වගේමයි, මොනවා හරි විකාරයක් කරන්න හදනවා. අලුත් අලුත් දේ වලින් අලුත් විදියට ගහන්න පුළුවන්ද කියලා බලනවා ඇති. නැත්නම් මේවගේ මෝඩ යෝජනා ගෙනදෙයි ද? මෙච්චර වහින රටේ නිවැරදිව ඇල මාර්ග හදලා ඒවා සංරක්ෂණය කරන්නේ නැතුව විකාර කරනවා.
ඇත්තටම ලංකාව හරි දියුණුයිනේ. මෙතරම්ම දියුණු කැලිෆෝර්නියාව උතුරේ සිට දකුණට ජලය ගෙන යන්නේ යෝධ ඇලකින්. ජල නල සපයන කොම්පැනියකටයි කොන්ත්‍රාත්තුව කරන කොම්පැනියටයි හොද කලක් ලැබිලා වගෙයි. ඒ වගේම දේශපාලුවෙකුටත් වාසනාවන්ත කලක් ලබයි.
නව ක්‍රම පරීක්ෂා කර සත්‍යාපනය කළ යුතුය. පරිසර හිතකාමී දේවල් කිරීමට ආර්ථික වශයෙන් වලංගු, සමාජීය වශයෙන් පිළිගත හැකි සහ ප්‍රායෝගිකව කළ හැකි ක්‍රියා පටිපාටි අපට ඉතා පොරොන්දු වූ ක්‍රම සොයාගත හැකිය. ඉතා හොඳ පියවරක්.