
ශ්රී ලංකාවේ ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් මහතා සමග අද පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් කළ බව ජනාධිපති ලේකම් කාර්යලය කියයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් මහතා ශ්‍රී ලංකාවේ ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට අවශ්‍ය එන්නත් මාත්‍රා ලක්ෂ 6 සපයා ගැනීමට උදව් කරනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වාස කරයි.
ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීමට ලොවපුරා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 20ක අවශ්‍යතාවයක් ඇති බව ද ජනාධිපතිවරයා පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ, අර පහුගිය දවස් වල අපි රසට බිව්ව ධම්මික පැණිය ගැන සාකච්චා කළා නම්, ඒක ලෝකෙටම විකුනලා කාටකාටත් ගොඩ යන්න තිබුනා. ඒ පැණිය නිසා නේද අපි තවමත් නොමැරී මේ යහතින් ජීවත් වෙන්නේ? හා නැද්ද?
ටිකක් වේලාසන වැඩි නැද්ද එන්නත් ගන්න..? මොකද තාම වරාය නගරය චීනෙට දෙන වැඩේ ඉවර නැහැ නේද?
චීනේ අතකොලු දෙකක් ... චීනයේ වෛරසයට විසඳුම් සොයයි.
බටහිර රටවල් සමග තියන එදිරිවාදීකම් දැන්වත් නතර කර ගන්න...
කහපැළ හිටවලා ඉවරද?
දැක්මක් නැති පාලකයෙක්...
කොවිඩ් අරමුදලට කෝටිගනනක් එකතු උනානේද? ඒ මුදල් වලටත් අර සුනාමි අරමුදලට වෙච්ච දේම වෙලාද?
වේලාවට ඕඩර් කරල තිබ්බ නං ඔය කිසිම ප්‍රශ්නයක් නැහැනෙ . නිකං හම්බු වෙනකං බලාගෙන හිටියා .
සුනාමි අරමුදල වගේ කෝවිඩ් අරමුදලටත් වෙච්චි දෙයක් නෑ නේද? ඒක තිබ්බා නම් එන්නත් හිඟාකන්න ඕනේ නෑ. මාර වැඩේ ලංකාවට වුනේ..
මේ අස්සේ ලංකාවේ දොස්තර මාෆියා කාරයින් ටික කලවම් කරලා ගහන්න පුළුවන් කියලා මතුර මතුර යනවා නේද?
මුට්ටි ගඟේ දමමින්, කාලි මාතාවගේ පැණි වැනි මිසදිටු ක්‍රම වලින් කොරෝනා පාලනය කරන්න උත්සාහ කළ ඇමැතිවරියක් දිගින් දිගටම තනතුරේ තබාගෙන සිටින අදක්ෂ පාලකයෙක්...