( තිළිණි ද සිල්වා )
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව හෙට (28) සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි
ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින්ට පළමුවෙන් එම මාත්‍රාව ලබාදෙන බව ඔහු පැවසීය.
මේ අතර කොරොනා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීමට එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් වෙන්කර තිබෙන බව වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
එම එන්නත් ප්‍රමාණය ලබා දෙන අතරතුර අලුතින් මිලදී ගැනීමට ඇනවුම් කර ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයත්,කොවැක්ස් පහසුකම යටතේ තවත් එන්නත් තොගයකුත් ලැබීමට නියමිත බැවින් කොරෝනා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් පැන නගින්නේ නැති බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.
කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ජනවාරි 29 වැනිදා ලබාදෙන විට දෙවැනි මාත්‍රාව ලබා දීමට නියමිතව තිබුනේ සති හතරකට පසුව වුවත් නව පර්යේෂණ වල තොරතුරු වලට අනුව දෙවන මාත්‍රාව දිය යුතු කාලය සති 10- 12 අතර කාලයකට කල් දැමීමට හැකියාව පවතින බව තහවුරු වී තිබෙන බවද වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එහිදී වැඩිදුරටත් කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ නොහැකියාව නිසා දෙවැනි මාත්‍රාව දාගන්න බැරි වුණු එකට හේතුව ලැබුණ එන්නත් සේරම දුන්නා.. දෙවැනි එකට ඉතුරු කළේ නෑ. ඊළඟට දෙවැනි එක ආවේ නෑ. ඒකයි කල් යන්න හේතුව.. දැන් මෙයාලා බයිලා ගහනවා..
එක රටකට එන්නත් මදි වුණාම සේලයින් විදලා තියනවා නරකද අපිටත් එහෙම කළොත්