ක.ග කරුණාරත්න
කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නොමැතිව ගොවි ජනතාව විසින් සංවිධානය කරන ලද නිදහස් සමරු උළෙලක් අද(04) පස්වරුවේ ඇලහැර මහ ගොවි ජනපදයේ අත්තනකඩවල, දිග්ගල්පිටියේදී පැවැත්විණි.
පැරණි ගොවි ගෙදර, වී බිස්ස, ගොවි උපකරණ ඇතුළු මෙවලම්ද ගොවිජනපද ආරම්භක අවධියේ අදින් වසර හැත්තෑවකට පමණ තමන් මෙහි පැමිණෙන විට රැගෙන ආ උපකරණ ඇතුළු මෙවලම් ද මෙහිදී ප්‍රදර්ශනය කරනු ලැබීය.
අත්තනකඩවල, දිග්ගල්පිටිය, කහටගහපිටිය ශ්‍රී ජයබෝධි විහාරයේ විහාරාධිකාරී ශාස්ත්‍රවේදී පූජ්‍ය මඩුල්ලේ විපස්සී හිමියන්ගේ අනුශාසනා පරිදි දිග්ගල්පිටිය, කහටගහපිටිය ගොවි සංවිධාන ත්‍රිත්වය සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා පවුර මෙය සංවිධානයය කර තිබුනි.
ගොවි ගෙවිලියන් විසින් පවත්වන ලද ආචාර පෙළපාලියක් ද මේ නිදහස් සමරු උළෙල විචිත්‍රවත් වූ අතර එය පිළිගැනීම සඳහා ඇලහැර ප්‍රාදේශීය මහලේකම් එස්.එම්.කේ කුමාරිහාමි මහත්මිය මහවැලි ජී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු හේමන්ත ජයසිංහ, ඇලහැර වාරිමාර්ග ඉංජිනේරු නාලක සමරසිංහ යන මහත්වරු ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වූහ.
පොලොන්නරුව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආර්.පී උපාලි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් ද ප්‍රදේශවාසී ගොවි ජනතාව ප්‍රමුඛ මහජනයා විශාල පිරිසක් ද මේ අවස්ථාවට පැමිණ සිටියහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇලහැර ගොවියෝ නිදහසේ නිදහස සමරති
Kumar (Gulf) Monday, 04 February 2019 04:40 PM
මේ ගොවි මහත්ත්වරුන්ගේ සරොන් ටිකත් ඉන්දුනීසියාවෙන්, අනේ අපේ රටේ සංවර්ධනය.