(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ විදුහල්පති යුවළකට කොරෝනා ආසාදිත වී ඇති බවට අද (21)සවස තහවුරු වූ බව ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මෙම විදුහල්පතිවරයා ඇල්පිටිය නගරයේ ජාතික පාසලක වැඩබලන විදුහල්පතිවරයා වන අතර විදුහල්පතිනිය ඇල්පිටිය වල්ලඹගල කනිටු විදුහලේ විදුහල්පතිනිය බවද සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.
මෙම විදුහල්පති යුවළගේ වයස අවුරුදු හතක් වන දරුවා ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලයක ඉගෙනුම ලබන අතර එම දරුවා පසුගිය සතියේ පාසල් ගොස් ඇති බවද කියයි.
මීට අමතර එක්තරා රාජ්‍ය නොවන සංවිධානයකින් ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් සදහා ඉකුත් 17 හා 18 යන දින දෙකේ ඇල්පිටිය ඌරන්වල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උත්සව ශාලාවක අධ්‍යාපන පුහුණු වැඩමුළුවක් පවත්වා ඇති අතර කොරෝනා ආසාදිත බවට හදුනාගත් මෙම විදුහල්පතිනියද 18 වනදා එම වැඩමුළුවට සහභාගී වී ඇත.
එසේම ඒ අවස්ථාව වන විටත් මේ විදුහල්පතිනිය කිසියම් අසනීප තත්ත්වයක පසුවූ බවද ආරංචි මාර්ග පවසයි.
එම වැඩමුළුවට කලාපයේ විදුහල්පතිවරු හැට දෙනෙක් සහභාගී වූ බවත් දැනගන්නට ඇත.
විදුහල්පතිනිය සේවය කළ විදුහලේ සේවය කරන අනෙක් ගුරුවරු හත් දෙනාම නිරෝධායනයට යොමුකළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් මහතා පැවසීය.
මීට අමතරව මෙම විදුහල්පතිනිය හා විදුහල්පතිවරයාගේ ආශ්‍රිතයන් හැටියට හදුනාගත් ගුරුවරු ඇතුළු සියළු දෙනාද නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇල්පිටියේ විදුහල්පති යුවළකට කොරෝනා