



ඉතාලි - ශ්‍රී ලංකා සහයෝගිතා සංසදය මගින් ලෝක කාන්තා දිනයට සමගාමීව තෙවන වරටත් සංවිධානය කරන ලද ‘ඇය නොදුටු ඇය’ ප්‍රසංගය පසුගියදා ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර ‘රෆ්රඩ්‘ රංග ශාලාවේදී පැවැත්විණි. එහිදී ශ්‍රී ලාංකික තරුණ තරුණියෝ පිරිසක් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විදහා දැක්වෙන නර්තන සහ නාට්‍ය ඉදිරිපත් කළහ.
ෆ්ලොරන්ස් නගරයේ වෙසෙන 50 කට වැඩි පිරිසක් ඉතාලි - ශ්‍රී ලංකා සහයෝගිතා සංසදයෙහි සාමාජිකත්වය දරති. මෙම සංවිධානය ෆ්ලොරන්ස් නගරයේ පන්සල් හා දේවස්ථානයන්හි කෙරෙන ආගමික සහ සාමාජයීය කටයුතු සඳහා දායකත්වය දෙයි.
ඡායාරූප - සංජීව නිරෝෂණ (ඉතාලිය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට කාන්තා දින ඕනේ නෑ. අපිට පිරිමි කරන ඕන වැඩක් කරන්න පුළුවන්
හැබැයි හැට්ටේට කට්ට ගහගන්න බැහැ.