IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ඇඹිලිපිටිය රෝහලේ නිර්වින්දන වෛද්‍යවරිය පැන ගිහින්?

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට සිටි එකම නිර්වින්දන වෛද්‍යවරිය පසුගිය සිකුරාදා (01) සිට සේවයට වාර්තා නොකිරීම නිසා රෝහලේ ශල්‍යාගාරවල සහ දැඩි සත්කාර ඒකකයේ වැඩ අඩාල වී ඇති බව රෝහල් බලධාරීහු පවසති.

යු.ටී. නානායක්කාර නම්වු මෙම වෛද්‍යවරියගේ පියා යැයි පවසමින් යම් පුද්ගලයකු අද දහවල් රෝහල් බලධාරීන්ට වට්ස්ඇප් මගින් ලිපියක් එවමින් ඇය නැවත සේවයට නොඑන බව දන්වා ඇතැයි ද රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

නිර්වින්දන වෛද්‍යවරිය සේවයට නොපැමිණිම නිසා ප්‍රධාන ශල්‍යාගාර දෙකක සහ දැඩි සත්කාර ඒකකයක කටයුතු සම්පුර්ණයෙන් ම ඇණහිට ඇති බව ද රෝහල් බලධාරීහූ කියති.

ඇඹිලිපිටිය දිසා මහ රෝහලට නිර්වින්දන වෛද්‍යවරු දෙදෙනකුගේ සේවය අවශ්‍යව ඇති බව රෝහල් බලධාරීහූ කියති.

එසේ තිබියදීත් හිටපු එකම නිර්වින්දන වෛද්‍යවරිය මෙසේ සේවයට වර්තා නොකිරිම නිසා රෝහල් කටයුතු පවත්වාගෙන යාම දැඩි අසීරු කරුණක් බව රෝහල් බලධාරීහූ කියති.

දිනකට නේවාසික රෝගීන් දෙසියකට ආසන්න පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් වන බව රෝහල් බලධාරීහු කියති. 2022 වසරේදී පමණක් ඇඹිලිපිටිය දිසා මහ රෝහලෙන් සැත්කම් 9144ක් සිදුකර ඇත. 

මෙම නිර්වින්දන වෛද්‍යවරිය සේවයට නොපැමිණීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ඇය විදෙස්ගත වි ඇද්ද යන්න මෙතෙක් අනාවරණය වි නැති බවද රෝහල් බලධාරීහු කියති.

 



අදහස් (11)

ඇඹිලිපිටිය රෝහලේ නිර්වින්දන වෛද්‍යවරිය පැන ගිහින්?

Gona Wednesday, 06 September 2023 03:05 AM

පැන යන්න ඇත්තේ හාවෙක් වෙන්න ඇති...

:       0       9

Cha Wednesday, 06 September 2023 07:56 AM

වෛද්‍යවරුන්ට නොසලකන රටකට තවදුරටත් සේවය කිරීමෙන් පලක් නොමැති බව ඇය සිතන්නට ඇති.

:       6       31

LallaWednesday, 06 September 2023 01:52 PM

ඔව් ඇත්ත. ඔවුන් ඔය පැනල ගිය රටේ ඉපදුනොත් උන්ට නොමිලේ වෛද්‍ය අධ්‍යාපනය ලැබෙනවාද? එහෙම ඉගෙන ගන්න අයට සලකල ගෙවන්න ඕන ඒ වියදම ගැන බලලා. මෙහෙ ගෙවන්න ඕන රට ඔවුන්ට උගන්වන්න ගිය වියදම බලලා... නොමිලේ උසස් අධ්‍යාපනය ළඟදීම නවත්තන්න වෙනවා නේද? ගඟෙන් දියවී මුහුදට ආවඩන ජාතික ලක්ෂණයට තිත තබන්න ඕනෑ..

:       4       6

duminda Wednesday, 06 September 2023 10:40 AM

වෛයිද්‍යවරුන්ට මේ රටේ පහසුකම් නෑ කියලා කොහොමත් කියන්න බෑ .මොකද ඔය හැම කෙනාවම පුද්ගලික ප්‍රතිකාර දීලා ලොකු ගානක් හම්බ කරනවා.ඒවාට ටැක්ස් නෑ .හැබැයි ටැක්ස් ෆ්‍රී පර්මිට් ඇතුළුව විශාල ප්‍රසාද රාශියක් තියනවා මේ කට්ටිය රටට නයයි

:       22       16

Muthu Wednesday, 06 September 2023 11:31 AM

මේ තමයි නනදලාල්ට A - ලැබිලා රටට ඉතුරු වුණු දේ. තව දොස්තරලා 5000 පනින්න ලෑස්ති වෙලා ඉන්නේ... එක ඉංජිනේරුවෙක් වත් chartered accountant කෙනෙක්වත් හොයාගන්න බැරිවෙනවා. මිනිස්සු සියදිවි නසා ගන්න ගණන් හිලවු බලලාම එපාවෙලා. මේ මිනිහට දෙන්න තිබී ලොවෙත් නැති AAA මහා බැංකු අධිපති...!

:       5       16

Rata Perata Wednesday, 06 September 2023 11:50 AM

අපේ රටේ බොහොමයක් වෛද්‍යවරු කියන්නේ තවත් එක මාෆියා කල්ලියක් .දැක්කනේ ගිය ආණ්ඩුව කාලේ GMOA එකේ වැඩ ?රටේ එක නීතියක් නැති එක තමයි ඔක්කොටම මුල .ඊළඟ පාරවත් දැක්මක් ඇති නායකයෙක් පත්කරගමු

:       16       11

NimalWednesday, 06 September 2023 12:18 PM

ඔබතුමා කියන්නෙ කවුද නායකය වෙන්න ඔන? ප්‍රශන ගොඩක් කියල වැඩක් නෑ. උත්තරයකුත් තියෙන්න ඔන..

:       3       1

Nimal Wednesday, 06 September 2023 12:10 PM

දැන් සැපද ?

:       1       1

fairoos Wednesday, 06 September 2023 12:28 PM

දැන් ඉතින් ලංකාවේ බයියෝ විතරයි ඉතුරු වෙන්නේ.

:       3       4

Sunil Wednesday, 06 September 2023 01:10 PM

මේ ලෙස පැනයන හැම කෙනෙක්ම ගන්නේ බුද්ධිමත් තීරණයක්...

:       1       9

අරවින්ද මොනරවිල Thursday, 07 September 2023 03:46 PM

රනිල් රාජපක්ෂ රටට හොඳටම කෙරුව තරම පෙනෙනවා මේ නිවුස් වලින්..., අන්තිමට රටට ඉතුරුවෙන්නේ රාජපක්ෂ වික්‍රමසිංහ වලව්වල දන්කුඩ කාලා ජීවත්වෙන එවුන් විතරයි...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site