
(රෝෂන් තුෂාර)
රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව අධිකරණයේ පෙනී නොසිටි ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (22) වරෙන්තු නිකුත් කළේය.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකරු අධිකරණය පෙනී නොසිටීම සම්බන්ධයෙන් කරුණු දක්වා රහස් පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙසේ වරෙන්තු නිකුත් කෙරිණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ සිද්ධියට සම්බන්ධ නඩුව මේ වනවිට නිතීපති උපදෙස්වලට යවා ඇති බවය.
මෙම සිද්ධියට අදාළ ඇපකරුවන්ට පෙර නඩු දිනයේ දී ඇප නොතීසි යැවූ බව සඳහන් කළ පොලිසිය ඇපකරුවන් අධිකරණයේ පෙනී සිටින බව දන්වා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd