(විනීතා එම් ගමගේ)
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට වීසා ලබා නොදීමට ඇමෙරිකානු රජය දමා ඇති වාරණය ඉවත් කරන තුරු ඇමෙරිකාවෙන් වීසා අයදුම් නොකර ඉන්නැයි සියලූ දේශපේ‍්‍රමී ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා ප්‍රකාශ කළේය.
ශවේන්ද්‍ර සිල්වා මහතාට දැමූ තහනම ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයාට දැමූ තහනමක් සේ සැළකිය යුතු යැයි ද එකී වාරණය තරයේ හෙළා දැකිය යුතු යැයි ද හෙතෙම සඳහන් කළේය.
ඔහුට පනවා ඇති තහනම ඉවත් කරන තුරු තමන් කිසිම විටෙක දී ඇමරිකාවෙන් වීසා නොඉල්ලන බව පැවසූ මරික්කාර් මහතා එසේ කරන්නැයි සියලූ ශ්‍රී ලාංකිකයන්ගෙන් ද විශේෂයෙන් පොහොට්ටුවේ පිරිසගෙන් ද ඉල්ලා සිටින බව කීය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතොකොට එම්සීසී එකත් එපා කියනවද?
මෙයා වගේ අය ඉතින් මේ වගේ කිසිම ප්‍රයෝගික නැති දෙයක් තමයි කියන්නේ. මෙයා අවරුදු 10 මල්ටිපල් වීසා ගහගෙන ඇති. අපිට කියනවා වීසා ගන්න එපාලු.
දැක්කද , කෙලින් නායකයෙක් බිහිවුනහම, වෙනස් වෙන හැටි.
ඔය නොකිය කියන්නේ කුමක්දැයි ගැඹුරින් සිත බැලිය යුතුය. 1. ඇමෙරිකන් කාරයා කල දේ හරි වැරැද්ද අපට අදාල නැත. 2. ඇමරිකන් කාරයට ගැටුමක් නිර්මාණය කර ඇත. හිවල් මොලය පාවිච්චි කර අපි වාසි නෙලාගත යුතුය. 3. බටහිරට ගැති නැති වර්තමාන ආණ්ඩුවට අපහස කිරීමට අවස්ථාවාදී විය යුතුය. 4. ආණ්ඩුව ඇමරිකාවට විරුද්ද නැති බව හුවා දක්වා වාසි ලබා ගත යුතුය. 5. ආණ්ඩුවට පෙර ඇමෙරිකාව විවේචනය කිරීමට ඉදිරිපත් විය යුතුය.
පොහොට්ටුවේ ලොක්කත් ඇමරිකාවේ. ඉතින් එහෙ යන්නේ නැතුව ?
මරික්කාර් ට මොකද වෙලා තියෙන්නේ එක පාරටම.
එහෙම කොහොමද? ජනාධිපතිතුමා දරු පවුල බලන්න යන්නේ කොහොමද?
ඇත්තටම රටේ මිනිස්සු රණවිරුවෝ වෙනුවෙන් එවන් කැප කිරීමක් කරන එක හොඳයි.
මෙයාල හීන් නුලෙන් මොකටද මේ එන්නේ?
කියමනක් තියනවනේ බල්ලෙක් බිරුවට කන්දක් පෙරලෙන්නේ නැහැ කියලා. මේ වගේ අවස්ථාවක ඔලුවෙන් මිස කටෙන් නොවෙයි වැඩ කරන්ඩ ඕන.
ජනාධිපතිතුමාට කියන්න දැන් මුලින්ම තමන්ගේ දරුවන්ගේ වීසා ඇයින් කරගන්න කියලා. අපේ හමුදාපතිට විසා දෙන්නේ නැත්නම් අපේ පවුලටත් එපා කියන්න. එහෙම නේද ? පවුලට වඩා රට ලොකු නැද්ද ?
එහෙම කරොත් අමෙරිකාවට පාඩු වෙයිද ?
අපේ ජනාධිපති ඕවට මුණ දෙයි අපි එයාට 2/3 බලයක් හදලා දුන්නොත්. ඒක අනිවාර්යෙන් අපි කරනවා.
මරික්කාර්, බැසිල්ට ඇමරිකන් පුරවැසිභාවය ඉවත්කර ගන්න කියන්න
එතකොට අපි ඇමරිකාවට යන්නේ ඉන්දියානු වීසාවෙන්ද?
ඇමෙරිකාවේ හමුදාපති තමා ලෝකෙම ලොකු ත්රස්තවාදියා. ඔහුට අනිකුත් රටවල් වලට ඇතුල්වීම් තහනම් කලයුතුයි. හැම දේශපාලකයකුම ඇමෙරිකාවට කඩේ යනවා. අපේ හමුදාපති තුමාගේ ප්‍රතිචාරය මා ඉතා අගයකොට සලකනවා.
ඔන්න හැරෙනවා පොල් පැලේ කොච්චර ඈතින්ද තිබෙන්නේ?
බොහොම හොඳ අදහස. ඇමෙරිකන් පරදෙසීන්ටත් වීසා දෙන්න එපා.
අපි ඇමරිකා යන්න අවශ්‍ය නැහැ . ලංකාව ඇමරිකාව වගේ හදාගමු කට්ටියම මහන්සි වෙලා. එතකොට එයාල මෙහෙ එන්න වීසා ගනී. රට හදන්න හොඳම වෙලාව මේ.
ඔබට පිස්සු වුනාට අපට පිස්සු නැත. අභියෝග වලට මුහුණ දීමට හැකියාව තිබිය යුතුය. එමගින් අපගේ රටෙ නම බැබලවිය හැක. කාන්තාවක් වශයෙන් අවුන්සාන් සුකී තම රට වෙනුවෙන් සාර්ථක ලෙස ජාත්‍යන්තර අධිකරණ සදහා ඉදිරිපත් විය.
අපි ඇමෙරිකන් දේවල් වර්ජනය කරමු.
මේ කොරෝන වයිරසේ හින්ද සංචාරකයන් එන එක අඩුවෙලා හොම්බෙන් ගිහින් ඉන්න වෙලාවේ ඇමෙරිකන් කාරයොත් ලංකාවට එන සංචාරකයින්ට එන්න එපා කිව්වොත් මාලා තමයි? මර්ක්කර් ලේබ්බෙට මිනිස්සු කරන දේ හිතාගන්නත් බැහැ එතකොට?
"මරික්කාර්, බැසිල්ට ඇමරිකන් පුරවැසිභාවය ඉවත්කර ගන්න කියන්න" මේ හාදයාටනේ කාගේවත් ඇමරිකන් පුරවැසි කමනේ අමාරුවක් වෙලා තිබෙන්නේ. මෙච්චරකල් කැස්සා ඝෝඨාභයට ජනාධිපති කම කරන්න බැහැ කියලා. හොට බිම ඇනගෙන දැන්