
(විමුක්ති එස් රුද්‍රිගු)
දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහාය සැපයීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 2ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 62 ක් පමණ) මුදලක් ඇමරිකානු රජය වෙන්කර ඇතැයි මෙරට ඇමෙරිකානු තානාපතිනි ජුලී චංග් මහත්මිය අද (29) ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාව ඉතාමත් අපහසු කාලයකට මුහුණ දෙමින් සිටින බවත් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ දැඩි වර්ෂාපතනය, ගංවතුර සහ නාය යෑම්වලින් මෙරට ප්‍රජාව අඛණ්ඩව දැඩි පීඩාවකට පත්ව තිබෙන බවත් ඇමරිකානු තානාපතිවරිය ප්‍රකාශ කළාය.
මෙරට පීඩාවට පත් වූ පවුල් නැවතත් නැගී සිටීමට උත්සාහ දරන මේ මොහොතේ ඇමෙරිකාව ලබාදුන් මෙම සහාය දෙරට අතර කිසි දිනක පලුදු නොවන හවුල්කාරීත්වය පිළිබිඹු කරන බව ඇමරිකානු තානාපතිනි ජුලී චංග් මහත්මිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකා එක්සත් ජනපදය යුක්රේනයට බිලියන ගණනින් දෙනවා, ඒක යුද්ධයක්, මිනිස්සු මරනවා, නමුත් අපිට නම් කිසිම දෙයක් නැහැ.