
ඉරානයේ න්‍යෂ්ටික ගබඩා සංකීර්ණ ඉලක්ක කර ගනිමින් ඇමෙරිකන් හමුදා ගුවනින් බෝම්බ දැමීම ආරම්භ කර ඇත.
ඇමෙරිකාව මෙසේ ඉරානයේ න්‍යෂ්ටික ගබඩා සංකීර්ණ ඉලක්ක කර බෝම්බ දැමීම සිදු කර ඇත්තේ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ අණ පරිදිය.
ඇමෙරිකාව මෙම ප්‍රහාරය සඳහා B-2 නමැති යාන යොදාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
B-2 නමැති මෙම බෝම්බ ප්‍රහාරක යානා ෙ බංකර් බ්ලාස්ටර් නමැති ඇමෙරිකාවේ බෝම්බ රැගෙන යා හැකිෙ ගුවන් යානවෛ්. ඇමෙරිකාව අද අලුයම ඉරානයට එල්ල කළ ප්‍රහාරයට භාවිතා කර ඇත්තේ මෙම ගුවන් යානා බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඇමෙරිකා ජානාධිපති ඩොනල් ට්‍රම්ප් ප්‍රහාරයෙන් පසු සටහනක් තබමින් පවසා ඇත්තේ ප්‍රහාරයෙන් පසු සියලුම යානා ආරක්ෂිතව ආපසු යමින් තිබෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව ආවා කියන්නේ ඉතිං සොරි තමයි. අපිට රුසියාව, චීනය, උතුරු කොරියාව, ඉරානයට උදව් කරනවා... තෙල් ටික අපිට සොරි වෙනවා හඳුන්නෙත්ති කිව් විදියට නම් ඇමරිකාව ලෝක බලවතාගෙන් වැටෙනකොට අපි ලෝකේ බලවතා වෙනවා කියලා... එහෙම වෙනවා නම් ගොඩාක් හොඳයි අපි බලමු ඉතින්...
ඉක්මනින්ම ජය ලැබේවා. ආගමික අන්තවාදයට තිත තැබීම හැම සාමකාමී මිනිහෙකුගේම ප්‍රාර්ථනාවයි. ත්‍රස්තවාදීන් නොවන මුසල්මානුවන් සහ ත්‍රස්තවාදයට උඩගෙඩි නොදෙන අය රෙදි කරට ගැනීමට අවශ්‍ය නැත.
මෙදාපාර කවුරු කවුරුත් හොඳ හැටි කන්න වගේ යන්නේ...
ඉරාන-ඊශ්‍රායලය, පලස්තීනය හෝ මැදපෙරදිග යුද්ධයක් නොතිබුනේ නම්, අප වැනි කුඩා රටවල දේශප්‍රේමී නොවන බලවේගවලට බිලියන ගණනින් අරමුදල් ලැබෙන අතර මෙම බලවේග මෙම භූමියට, දේශපාලනික භූ දර්ශනයට සහ ආගමට කිසිදා නොවූ විරූ ලෙස හානි කරනු ඇත. පසුගිය වසරවල ශ්‍රී ලංකාවේ සමහර මෙගා පක්ෂවලට අරමුදල් ලබා දුන් ආකාරය සිහිපත් කරන්න. මැදපෙරදිග ගැටුම අපට සැබවින්ම ආශිර්වාදයක්. ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම දියුණු වන තුරු මෙම ගැටුම දිගටම පවතිනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි.
ඇමරිකාව ඉරානයට එරෙහි ප්‍රහාර එල්ල කිරීමේ තීරණය සති දෙකකින් ගන්නවා කීවත් එය දින දෙකකින් ගනිමින්, ඊශ්‍රායල් ඉරාන යුද්ධය තීරණාත්මක සන්ධිස්ථානයක් කරා ගෙනයාම කලාපීය සාමය සඳහා විශාල පිටුවහලක් වෙනු නිසැකයි... සිකුරාදා වුණා කියන "ඉරාන භූමිකම්පාව " න්‍යෂ්ඨික බෝම්බයක් අත්හදා බැලීමේ පරීක්ෂණයක් බව ඇමෙරිකාවට නිශ්චිතව තහවුරු වී තිබෙන බව පැහැදිලිවම පෙනෙනවා. ඌරු මීයෙක් මෙන් භූගත බංකරයක හැංගී සිටින මොල්ලා මුත්තා, එයාගේ දෙයියෝ ළඟද?
කවුදෝ කියලා තිබුණා ට්‍රම්ප්ට නොබෙල් තෑග්ග දෙන්න වටිනවා කියලා..? රටවල් ගිනි අවුළනවාට වෙන්ඩැති?
අපගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ඇමෙරිකාව දැනගත යුතුයි. ලංකාව කෝප වුණොත් ඔක්කොම ඉවරයි... අපේ හැටි එහෙම තමයි.