(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීම, ශ්‍රී ලංකාව හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර හවුල්කාරීත්වය පුළුල් කර ගැනීම සහ ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශයන් ආරක්ෂා කිරීම සඳහා දෙරටේ ඒකාබද්ධ කැපවීම තවත් වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට ඇමෙරිකානු සෙනෙට් සභික ක්‍රිස් වෑන් හොලන් මහතා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව තානාපතිනී ජුලී චන්ග් මහත්මිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළාය.
සෙනෙට් සභික ක්‍රිස් වෑන් හොලන් මහතා ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන මිත්‍රයකු බවත් ඔහුට ශ්‍රී ලංකාව සමඟ විශේෂ සම්බන්ධයක් තිබෙන බවත් චන්ග් මහත්මිය පෙන්වා දුන්නාය.1972 සිට 1976 දක්වා කාලය තුළ ක්‍රිස් වෑන් හොලන් මහතාගේ පියා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කර තිබෙන බවත් ඒ කාලය තුළ ඔහු ශ්‍රී ලංකාවේ සිට ඇති බවත් චන්ග් මහත්මිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ගිනි ගෙඩියක් අරගෙන ඇවිත්ද දන්නෙ නෑ.
වර්තමාන ශ්‍රී ලංකාවේ ඩි ඵක්ටෝ ලීඩර් වරිය වන චන්ග් නෝනා මහත්මිය, "අරගලය" යයි වර නගන ලද අරාබි වසන්තයේ ශ්‍රී ලංකා පරිච්චේදයට නායකත්වය දුන්නා ය. අකුදිගේ කරට අත දමා ගෙන එදිනවල සිටි මැය දැන් රනිල් ජනාධිපතිගේ ප්‍රධාන උපදේශකවරියක දැයි සැක සිතෙන ඔහු හා ලගින්ම සිටිමින් කටයුතු කරන්නීය. පසුගිය දා යාල උද්‍යානයට ජනාධිපතිවරයා සමග පැමිණි ඇය කටයුතු කළ ආකාරය ද ඒ වගට තවත් නිදසුනක් ය. ගෝටා ගෝ හෝම් ව්‍යසනය දිනවල එක පිට එක නිවේදන නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ "ප්‍රජාතන්ත්‍රවාදය" වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලු ඕ මේ හැරෙන්නේ පොල් පැලෙට බව කල් යල් නොයවා අවබෝධ කර ගත නොගතහොත් අපේ රටට දෙයියන්ගේම පිහිටයි.