IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඇමෙරිකා බද්දෙන් ලංකාවට අවාසියක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාවේ "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ ඉන්දියාවට පනවන තීරු බද්ද සියයට 20 ට වඩා අඩු වනු ඇති බවත් ඒ හේතුවෙන් ඇමෙරිකානු වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාව, ලාඕසය වැනි රටවල් සමග තරඟකිරීමේදී ඉන්දියාවට වාසිදායක තත්වයක් ලැබෙනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේය.

ඉන්දියාවට අනෙක් බොහෝ රටවලට මෙන් පනවන තීරු බද්ද සම්බන්ධයෙන් ලිපියක් නොලැබෙනු ඇති බවත් ඇමෙරිකාව නිල නිවේදනයක් මගින් ඉන්දියාවට පනවනු ලබන තීරු බද්ද ප්‍රකාශයට පත්කරන බවත් ඉන්දීය මාධ්‍ය පැවැසුවේය.

ඇමෙරිකාව සහ ඉන්දියාව එළැඹෙන අනතර් කාලීන වෙළෙඳ ගිවිසුමක් මගින් තීරු බද්ද පැනවෙනු ඇති බවත් එය සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා සහාය වනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේය.

දෙරට අතර එකඟ නොවූ ගැටළු සම්බන්ධයෙන් විසඳුම් ලබා ගැනීමට එමගින් අවස්ථාව ලැබෙනු ඇති බවත් අනතුරුව මෙම වසර අවසානයේදී ඉන්දියව සහ ඇමෙරිකාව පුළුල් වෙළෙඳ ගිවිසුමක් සඳහා අත්සන් තබනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය පැවැසුවේය.

ඒ සඳහා දෙරට අතර ඇතිකරගෙන තිබෙන එකඟතාවට අනුව ඉන්දියාවට සියයට 20 ට අඩු තීරුබදු ප්‍රතිශතයක් ඇමෙරිකාව පනවනු ඇති බව ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේය.

IFrame



අදහස් (6)

ඇමෙරිකා බද්දෙන් ලංකාවට අවාසියක්

යෝගා Sunday, 13 July 2025 10:34 PM

ඇයි, අපේ සෙට් එක සාකච්ඡා කරලා මාර වාසියක් ලබාගත්තා කියලා කයිය ගැහුවා නේද? මේ විදියට කොච්චර කාලයක් ජනතාව අන්දන්නද? කොන්ද පණ තියෙන නායකයෙක් නම් ඇමෙරිකාවට යන්න ඕනෑ තමනුයි.

:       3       8

මහසෙන් Monday, 14 July 2025 12:34 AM

මෝදී අංකල්ගේ කරට අත දාලා සපෝට් එකක් ගන්න බැරිවෙයි ද දන් නෑ.

:       0       3

රුවන් Monday, 14 July 2025 07:33 AM

ඉන්දියාව එහෙම කිව්වට ඇමරිකාවේ පුවත්පත් වල යන්නේ 27-30% අතර ප්‍රමාණයක් බදු ගහනවා කියලා. 30%ට වැඩි වුනොත් අපිට වාසියක් තියෙනවා.

:       4       2

රසිකMonday, 14 July 2025 11:06 AM

27-30% අතර නම් 30%ට වඩා වැඩි වෙන්නේ කොහොමද? මොලේ කෝ?

:       0       3

හාරාමනිස් Monday, 14 July 2025 12:55 PM

ඇමෙරිකාව දන්නේ නැහැ... අපේ අනුර ජනාධිපති කිව්වොත් කළා...

:       2       3

අරවින්ද මොණරවිල Monday, 14 July 2025 04:33 PM

තීරුබදු පිළිබඳ ඇමරිකානු ජනාධිපතිගේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා නොදැන තප්පුලන ස.ජ.බ පොහොට්ටු අලි හවුලේ කසළ ශෝධකයන්ට අපගේ බලවත් ශෝකය !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 393 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 552 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site