(අංජුල මහික වීරරත්න)
මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡා සඳහා සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවට පැමිණ සිටින අමෙරිකානු ඉහළ පෙළේ නියෝජිත පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ අද පැවසීය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදෙන බව ද එම ඉහළ පෙළේ නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකාවට පැමිණ සිටින අමෙරිකා ඉහළ පෙලේ දූත පිරිස සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පෙරවරුවේ සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අභියෝග හමුවේ ආධාර ලබා දීමට හැකි ක්‍රම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම දූත පිරිස ලංකාවට පැමිණියහ.
අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරන මෙම දූත පිරිසට ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් රොබර්ට් කැප්‍රොත් මහතා සහ දකුණු මධ්‍යම ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලීන් මහත්මිය ඇතුළත් වෙති.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඇමෙරිකා දූත පිරිස අගමැති හමුවේ