
(අංජුල මහික වීරරත්න)
ඇමරිකා අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශතය 44% සිට 30% දක්වා අඩු කර ගැනීමට හැකි වූයේ එක්සත් ජනපදය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
එම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යමින් තවදුරටත් සහන ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා කීය.
එහිදී මෙරට ආර්ථිකයට, ව්‍යාපාරවලට, ව්‍යාපාරික ප්‍රජාවට සහ ජන ජීවිතයට වඩාත් හිතකර ලෙස සංශෝධන සිදු කර ගැනීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ, ඇමරිකා එක්සත් ජනපදය ක්‍රියාත්මක කිරීමට නියමිත නව අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිපත්තියට අදාළ සාකච්ඡාවල ප්‍රගතිය, වර්තමාන තත්ත්වය සහ මෙම තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සමඟ මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝග පිළිබඳව අපනයන කර්මාන්තයට අදාළ සියලු පාර්ශ්ව සමඟ අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.
මෙම අභියෝගාත්මක අවස්ථාවේදී එහි ධනාත්මක පැතිකඩ පිළිබඳ අවධානය යොමු කරමින් නව වෙළෙඳපොළ ප්‍රවේශයන් හඳුනා ගැනීම සඳහා රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව සහ අපනයන විවිධාංගීකරණය සඳහා ඇති අවස්ථාවන් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකා අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශතය 44% සිට 30% දක්වා අඩුවීම පිළිබඳව වියාපාරිකයින් සහ ජනාධිපතිගේ මුහුණු වලින් ගැටළුව හෝ අර්බුදය තේරුම් ගැනීමට අපහසු නැත. වියාපාරිකයින් විසින් ජනාධිපතිගෙන් විසඳුමක් ඉල්ලා සිටිනා අතරේ ජනාධිපති විසින් වියාපාරිකයින්ගෙන් විසඳුම් ඉල්ලා සිටියි. සත්‍ය වශයෙන්ම ඇමරිකා අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශතය 44% සිට 30% දක්වා අඩු වුවද එය 10% ආනයන බද්ද එක්කලවිට 40% දක්වා වැඩිවේ...
“අපේ බේරේට නටන්න ලෑස්ති වෙන්න, නැත්තං බදු වැඩි කරනවා” වගේ දෙයක් නේද ඔය කරන්නේ...?
අනේ නිකං බොරු කියන්න එපා මහත්තයෝ, අන්න බ්‍රසීලය 10% ඉඳන් 50%, අල්ලපු රට මෙක්සිකෝව 30%, මුළු යුරෝපයටම 10% ඉඳන් 30%ට වැඩි කරලා ඒ අස්සේ බ්‍රිතාන්‍ය, යුරෝපය ලංකාවට බදු රහිත අපනයන කරන්න වැඩ සටහන් දියත් කරනවා. මෙය වෙන්න බැරි දේවල්. සජිත් මහත්තයා ජනපති වුනා නම් බද්ද 44% දින් 200%ට වැඩි කරනවා. විදේශීය රටවල් වලට මොකටද අපනයන කරන්නේ?