එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් විරාම සාකච්ඡා පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හි දී මේ වන විට ආරම්භ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු වොෂින්ටනය සහ ටෙහෙරානය අතර පළමු සෘජු පුද්ගල සාකච්ඡා පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ඇමරිකානු දූත පිරිසට නායකත්වය දෙයි.

ඉරානය වෙනුවෙන් ඉරාන  කථානායක මොහොමඩ් බාගර් ගලීබාෆ් සහ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ඇතුළු ඉරාන නිලධාරීන් සහභාගී වේ. 

සටන් විරාම සාකච්ඡාවලට පෙර දෙරටේම දූත පිරිස් පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් හමුවිය.