(සුජිත් හේවාජූලිගේ)
සමාජයේ විවිධ ගැටලු සම්බන්ධයෙන් මන්ත්‍රිවරුන් යොමු කරන ගැටළු 50කට ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේදී හෙට (5) පිළිතුරු දීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා කියයි.
පාර්ලිමේන්තු වාර්තා සඳහන් කරන අන්දමට එකම අවස්ථාවක ඇමැතිවරුනට වැඩිම ප්‍රශ්න ගණනක් යොමු වන පළමු අවස්ථාව මෙය බවයි.
පාර්ලිමේන්තුවේ කටයුතු අද සම්පූර්ණයෙන්ම වෙන් කෙරෙනුයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න ඇසීමේ වාරයට පමණක් බව පැවැසූ ඒ මහතා රජයේ අනෙකුත් කටයුතු අද සාකච්ඡාවට නොගන්නා බව ද පවසයි.
සාමාන්‍යයෙන් සඳුදා පාර්ලිමේන්තුව රැස්නොවන අතර මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට වැඩි ඉඩකඩක් දිමේ අරමුණින් වෙනම දියනක් මෙසේ වෙන් කළ බව එහි නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂිත දේශපාලකයින්ට අපිට තරම් ප්‍රශ්න නැතුවා... ඔවුන්ව නඩත්තු කරන්නේ මහජනතාව... මොනවයින් කියලා අඩුද?
දැන් ඔය හරක් ගාල කැඳවන එකට කීයක් ජනතාවගේ බදු මුදල් කීයක් නාස්ති කරනවාද?
මේවට කොහෙන් හිනා වෙන්ඩද මන්දා. හරිහමන් උගත් කමක්,සුසුදුසුකමක් නැති අයගෙන් අහන්ඩ තියෙන්නේ හොරකම්,වංචා,දූෂණ ,ගැන මිසක් වෙන මොනවද. පාර්ලිමන්ට් ජෝක්ස් කියන්නේ මේවට.