


සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සුවදුක් විමසීම සඳහා ඇමතිවරු පිරිසක් අද (21) වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත පැමිණයහ.
විදුලිබල අමාත්‍ය රවී කරුණානායක, ජාතික සංහිදියා අමාත්‍ය මනෝ ගනේෂන් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.
එම අවස්ථාවේදී ‘නොකළ වැරදි චෝදනා පත්‍රයට ඇතුළත්කර ඒවා අධිකරණයේදී ඔප්පු කර තමන්වහන්සේව අසාධාරණ ලෙස සිරගත කිරීමට කටයුතු යෙදුණු’ බව ඥානසාර හිමි අමාත්‍යවරුන්ට පෙන්වා දී තිබේ.
අධිකරණ ශාලාව තුළ මහේස්ත්‍රාත්වරයා සහ තමන් වහන්සේ අතර ඇතිවූ කතා බහ ඇතුළත් වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරන බවත් එය නරඹා සත්‍ය තේරුම්ගත හැකි බවත් ඥානසාර හිමි වැඩිදුරටත් පවසා ඇත.
(ඡායාරූප - ශාන්ත රත්නායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණ ශාලාව ඇතුලේ කොහොමද රූපගත කලේ? දැන් ඔය කතාව කීවට ආයෙත් හිරේ යන්නයි වෙන්නේ.
නීතිය කාටත් සාධාරණයිලු එත් බැංකු හොරු තවමත් යහතින්
මේක හරිම ලස්සන වැඩක්. මෙයාලා යනවා කිසිම වරදක් කරලා නැති නිර්බීත හාමුදුරුවෝ බලන්න.
මොකද්ද මේ නාඩගම
යම්කිසි කෙනෙක් උසාවියකින් වැරදිකරුවෙක් වුණාට පස්සේ... සිරගත වුණාට පස්සේ... මොනවද මේ සිද්ද වෙන නරි නාඩගම්..? මෙව්වා මේ නීතියට විරුද්ධව සිද්ද වෙන දේවල් නේද..?
මේ දෙතුන්දෙනාට හදිසියේම ඇතිවෙච්ච වලිප්පුවේ රහස මොකක් වෙන්න පුළුවන්ද?
හාමුදුරුවෝ උසවියට ගිහින්. නුසුදුසු ලෙස හැසුරුන බව ඇත්තනෙ. ඒ නිසා දඩුවමක් නියම උනා. දඩුවම විදලා ඇවිත් උන්නාන්සෙ වඩා නිවරදිව සමාජ කටයුතු කරාවි. ඒක නෙමෙයි ප්‍රශ්නය මොකාටද මේ එන්න හදන්නෙ.