(යොහාන් භාසුර)
කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙදපොළට සැපයීම අඩු නොකරන ලෙස ගෑස් සමාගම්වලට පැහැදිළිව උපදෙස් දුන්නේ යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර හිඟය පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කරන බවත් ගෑස් බෙදාහරින සමගාම්වල ප්‍රධානීන් කැඳවා කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර හිඟයක් ඇති නොවීමට කටයුතු කරන ලෙස උපදෙස් දුන් බවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියයි.
වෙළෙදපොලේ කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර හිඟයක් නිර්මාණය කරමින් මෑතකදී හදුන්වාදුන් ලීටර් 18 කින් යුත් ගෑස් සිලින්ඩර අළෙවි කරන බවට එල්ල වන චෝදනාව හමුවේ අමාත්‍යවරයා එසේ උපදෙස් දී තිබේ.
ශ්‍රී ලංකාව තුළ ගෑස් සැපයුම කරන සමාගම් දෙක මේ වන විට කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේම ලීටර් 18 යැයි සටහන් කර රුපියල් 100 ක් අඩු කර අළෙවි කරන බවත් එහිදී ගෑස් කිලෝ 10 කට අඩු සිලින්ඩරයක් අළෙවි කිරීම පාරිභෝගිකයා රැවටීමක් බවටත් චෝදනා එල්ල වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම දෙයක්ම වචනයට සීමා වෙච්ච රජයක්... කියන කිසිම දෙයක් ප්‍රායෝගිකව නොවන බව නොදන්නා ඇමතිලාට වඩා බලවත් වෙළද පොළ අධිකාරිය සැමදා මහජනතාව රවටමින් සිටිති. ඇමතිලාගේ ක්‍රියාකලාපයන් බලවත් වන්නේ ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් පමණි. බලා පොරොත්තු වූ සිස්ටම් එක සිදුවන බවක් නොපෙනේ. අප සැම කවරදාකවත් නොවු විදියට රැවටීමට ලක්ව ඇත.
මචං උබට බැරිද 12.5 බරඅඩුවට සමාන ලීටර 18 ට මිල හදල ඒගානට මිල අඩුකරල දෙන්ඩ. ජනතාව මුලා කරන්ඩ එපා මචං
රු. 100 කින් නොව, රු. 350 කිවත් මිල අඩු කර ලීටර් 18 විකිණිය යුතු බවට නියෝග කිරීමට බලයක් කිසිවෙකුට නැද්ද ?? කොරෝනා නිසා පාරිභෝගික සේවා අධිකාරිය / අදාල ඇමතිතුමන්ලා අක්‍රීය වෙලා ද ?
12.5 සිලින්ඩරය වෙනුවට ඇගට නොදැනෙන්නට ..අට 18 l එක දෙනවා ..කඩවත ඔක්සින් නිවාස එකෙන් මට එහෙම උනා..ඒක කිව්වම මට සද්දෙත් දැම්මා..