(ඩයනා උදයංගනී)
තම මන්ත්‍රී පදවිය රුපියල් කෝටි 50කට විකුණා ඇති බවට නැගෙන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
තමන් ආණ්ඩුවට සහය පළ කිරීමට තීරණය කලේ රටට අවශ්‍ය වෙනස පිළිගනිමින් බව ද අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වේ.
තමන් එක්සත් ජාතික පක්ෂය සමඟ සිටි නමුත් රටත් ජනතාවත් වෙනුවෙන් තමන් අපේක්ෂා කළ සේවය ඉටුකිරීමට එම නායකයින් අපොහොසත් වූ නිසා එම තීරණය ගත් බවද එහි සඳහන්ය.
ඇමති වසන්ත සේනානායක මහතා මේ වන විට විදේශ සංචාරයක නිරත වී සිටින නමුත් රට තුළ විවිධ මාධ්‍යයන් හි එල්ල වන අසත්‍ය චෝදනා සම්බන්ධව අවධානයෙන් සිටින බව ද එහි දැක්වේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ තමන් කිසිවිටෙකත් එම ජනතාවට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවත්, එම ජනතාව වෙනුවෙන් තමන් අපේක්ෂා කරන වැඩපිළිවෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශීර්වාදයෙන් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයෙහි දැක්වේ.
එම නිවේදනය පහත දැක්වේ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හොරා ගත්තු සල්ලි තම ඡන්ද දායකයින්ට බෙදුවානම් තමයි හොඳ.. මොකද එයාට ඒ තැනදුන්නේ ඒ මිනිස්සුනේ...
මේ හඬපට සාක්ෂි සහිතවම එක්තරා රුපවාහිනී ප්රවෘත්ති විකාශයකදී බැලීමට හා ඇසීමට පුළුවන්. මේවා බොරුනම් ඊට විරුද්ධව වහාම නඩු දමා රටට ඔබලාගේ නිවැරදි බව පෙන්වන්න. ඔබලා නොදැම්මත්, ඒ අය නඩු මගට බහින බව පේනවා...
මේ වසන්ත මහත්තයා නමත් වෙනස් කරා කියලා කව්දෝ කියනවා ඇහුණා. දැන් නම `වසංගත` ලු!
සේනානායක වාසගමට නිගා කරන සක්කිලි වැඩක් නොවේද?
මේ තරමින් හෝ මේ වගේ සිද්ධීන් ජනතාවට දැන ගැනීමට සැලැස්වීම ගැන ලංකාදීපට ස්තුති.
ඉස්සර රා බොන්න කිතුලට නැගපු එකා කීවේ තණකොළ කපන්න ගිය බවකි. දැන් කියන්නේ රට බේරා ගැනීමට ගිය බවකි. ඒ වගේම ඉස්සර සේනානායකලා රටට සේවයක් කරන්න කිතුල් ගස් බඩගෑවේ නැත. නැතිනම් ගහෙන් ගහට පනින රිලවුන් වුනෙත් නැත. රටට සේවයක් නොවුනත් සේනානායක නම රැක්කේ නම් එය පරපුරක ගෞරවය රැකීමකි.
රටත් ජනතාවත් වෙනුවෙන් තමන් අපේක්ෂා කළ සේවය ඉටුකිරීමට එම නායකයින් අපොහොසත් වූ නිසා එම තීරණය ගත්තනම් එදා විස්වාස භංගයට විරුද්ධ නොවුනේ මන්ද?
කිතුල් ගහට ගිය මිනිහටත් උත්තරයක් තිබුණානේ? රන්ගෙට දෙන්න ගියානම් මෙයාට විතරක් නුදුන්නා කියන්නේ කොහොමද? අනෙක ඕවා ගත්තු කවුද ගත්තා කියන්නේ?
සංචාරක කටයුතුනේ. ඔය යන එන ගමන් කොහේ හරි බැංකුවක දාලා එන්න. එතකොට කාටවත් අහුවෙන්නේ නැහැ.
සල්ලි ගත්තේ නැත්තම් ඇයි ඔච්චර කලබල වුනේ නිවේදන නිකුත් කරන්න...!
නියම මෝඩයන් නම් මේ වගේ අසික්කිත මන්ත්රීලාට ඡන්දෙ දෙන ඡන්ද දායකයෝයි.
ඉතා දැකුම්කලු ලස්සන කම්මුල් පහරක් ඔබට ඡන්දය දීපු ජනතාවට. නමුත් කලබල එන්න එපා... තව වරක් ඉල්ලුවාම නැවත ඔබට එන්න පුළුවන්... මොකද අපේ ඡන්ද දායකයින්ගේ ප්‍රමිති, දැනුම සහ නුවණ ඉතා ඉහළ තත්වයක ඇති නිසා...
ලැජ්ජාවක් නැහැ.
මෙයාලට පිළිතුරු දෙන්න ඕන ඔලුවෙන්. ඒක කරන්න පුළුවන් ඒ අයට ඡන්දෙ දීපු අයට විතරයි..
මට තියෙන ගැටලුව එදා ජනවාරි 8 ආණ්ඩු වෙනස වුනෙත් එදා පැවති රජයෙන් මෙතුමා ඇතුළු කීප දෙනෙක් එලියට ආපු නිසයි. එතකොට මේ අද අදහස් දක්වන අය ඒක වර්ණනා කලා නේද?
අනේ පවු මෙච්චර කල් හොඳට හිටපු මහත්තය හිටි හැටියේ ගෙම්බෙක් වෙච්ච හැටි!
මේක හොර ෂූට් එකක් කියලා හොඳට පැහැදිලියි.....
ඔබ සිතන්නේ අපිද වරද කලේ කියලද? ඔව් වරද අපේ අතේ තමා මොකද ඔබව අපි විස්වාස කරලා පාර්ලිමේන්තුවට යැව්වානේ එකතමා ......
කෝටි 50 කට අළෙවිවුනා.............
ලබන පාර ඡන්දය ඉල්ලුවොත් අැපත් නැතිවෙනවා...