
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අමාත්‍ය වසන්ත සමරසිංහ අමාත්‍යවරයා ලබාගෙන ඇති ක්‍රිප්ටෝ මුදල් 3000 සහ කතානායක වෛද්‍ය ජගක වික්‍රමරත්න මහතාගේ බයිනෑන්ස් ගිණුමේ ඇති යූඑස්ඩීටී 1850 ලබා ගත්තේ කෙසේදැයි මැතිසබයට හෙළි කරන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය
මේ අනුව ආචාර ධර්ම පද්ධතිය සහ වරප්‍රසාද පනත උල්ලංඝනය වන සේ මෙම අය ක්‍රියාකර අැත් නම් නම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ පිළිබඳව වහාම සොයා බැලීමක් කර එ් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
නීතිඥ දයාසිරි ජයසේකර මහතා මෙසේද කීය.
ලංකාවේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා වෙබ් අඩවියේ පළ කිරීමෙන් විශාල සමාජ මතයක් ගොඩනැගී ඇත. අප සමස්ත මහජන මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා කළ යුතුයි. වත්මන් රජයට බලය ලබාදීමට මූලික හේතුවක් බවට පත් වූ දේශපාලකයින් රාජ්‍ය දේපළ අයුතු ලෙස භාවිතා කිරීම සහ අයුතු ධනවත්වීම යන කරුණු මත ගෙන ගිය මහජන ව්‍යාපාරයේ අපේක්ෂාවන් අදවන විට දැඩි සේ කඩා බිඳ දමා ඇත.
එබැවින් ආණ්ඩුවේ කිසිවෙකුට ජනතාවගේ එකී බලාපොරොත්තුව කුමන හෝ ආකාරයකින් කඩ කිරීමට කිසිදු අයිතිවාසිකමක් නැත. තමන්ට ලැබෙන වැටුප් නොගෙන ස්වෙච්ඡාවෙන් ජනතාවට සේවය කරන බවටත් ජනතාවගේ බදු මුදල් වංචා නොකරන බවටත්, අයුතු ලෙස ධනය ඒකරායි නොකරන බවටත් වත්මන් රජයේ සෑම මන්ත්‍රී වරයෙකුම සෑම විටම ප්‍රකාශ කළ ආකාරයට එ් අවංකභාවය ඔප්පු කිරීමේ වාරය ඔවුන්ට පැමිණ ඇති බවද සඳහන් කරමි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රභූ...
තම දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කිරීමේ කුරිරු ඉතිහාසයකට හිමිකම් කියන ජවිපෙ නඩේ පසුගිය කාලයට පුරා රටේ ප්‍රචලිත කළේ ඔවුන් හැර අන් සියල්ල හොරු බවයි. දැන් දැන් හෙළිවන කරුණු අනුව ඒ හොරු පරයා ජවිපෙ කම්බ හොරු කැපී පෙනෙයි. මාලිමාණ්ඩුවේ සුජාත භාවය යනු කාගෙදෝ කන්‍යාභාවය වැනි යැයි සෝදන බලකාය හැර රටම දනී. රටටම බොරු කියා, රවටා, ජනතාව අන්දවා බලය කොල්ල කා ගත් මේ පාපතර බේගල් ආණ්ඩුව දැන් ජාම බේරා ගන්නේ අපි යන්නේ කාල් මාක්ස් ගිය පාරේ යන සටන් පාඨය පැත්තකට දමා අපි යන්නේ රනිල් මහතා ගිය පාරේ ලෙස කටයුතු කරන නිසායි. නමුත් දවසින් දවස, පැයෙන් පැය රටට ඔවුන් පෙන්වන්නේ බැරි බැරියාව පමණමයි...
පටන් ගනිමු ජනාධිපති අරමුදලෙන් හොරාකාපු නඩයෙන්!
දයාසිරි මුලින්ම USDT කියන්නේ මොනවාද, ඒවා ලබාගන්න පුළුවන් කොහොමද කියන එක ඉගෙනගත්තොත් හොඳයි. අන්තර්ජාලයෙන් මුදල් හොයන තරුණයෙකු ගෙන් ඇහුවානම් ඔහුට USDT ගැන කියලා දෙයි.
අවස්ථාවාදය දෙපැත්ත කැපෙන පිහියක්. අවස්ථාවාදී ලෙස දේශපාලන වාසියට වේදිකාවල කල කතාවලට දැන් ඵලවිපාක ලැබෙන කාලය පටන්ගෙන ඇත.
ඔතන බොරුවට කයිය ගහන්නේ නැතුව, දානවකෝ නඩු...
අහෝ .....සිරි, ක්‍රිප්ටෝ මුදල් 3000 රුපියල් වලින් කීයද කියලා කියනවද? ක්‍රිප්ටෝ මුදල් යනු මුදල් ඒ්කකයක් නොවන බවවත් නොදන්නා තමුන් කාවද මේ රවට්ටන්නේ?
මහා ලොකු ප්‍රබූවරයෙක් කියලා හිතාගෙන ඉන්න, එහෙට මෙහෙට තමුන්ගේ වාසියට පැවැත්මට පැනපු ,රිලාසිරියා ගැනත් දන්නෝ හොන්දාකාරවම දන්නවා.
තමුන් නීතීඥයෙක් නේද. ගිහින් දාන්නකෝ නඩුවක්. එතකොට අපිට පුළුවන් මේගොල්ලොටත් ගහලා එලවා දාන්න. හැබැයි අර ජනාධිපති අරමුදලෙන් ගත්ත සල්ලි ටික දීලා ඉන්න ඔක්කොටම ඉස්සරවෙලා. මරු කියවන්නේ නැතිව