
(නිමල් ජයරත්න)
ගොවි උද්ඝෝෂණ පිටුපස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නවා. කරුණාකර අඟේ ඉඳන් කන කන්නේ නැතිව ආණ්ඩුවේ ඉන්න බැරි නම් යන්නැයි ඉල්ලා සිටින බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කියයි.
කාබනික පොහොර යොදා එක කන්නයක් වී වගාකරන්න. යම් හෙයකින් ගොවියාට පාඩු වී අසාධාරණයක් සිදු වුවහොත් ගොවියා සමග මාත් එදාට මහපාරට බසිනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
දිඹුලාගල අධ්‍යාපන කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් රොෂාන් රණසිංහ මහතා ඒ බව සඳහන් කළේය.
වී ගොවියා සියයට පනහක් හෝ කාබනික පොහොර ඉල්ලනවා කියන්නේ රසායනික පොහොර එපා කියන එකයි, ඒකෙන්ම පේනවා ආණ්ඩුවත්, ජනාධිපතිතුමාගේ කාබනික පොහොර වැඩපිළිවෙළත් ජයග්‍රහණය කරලා.
එනිසා අපි ඉල්ලීමක් කරනවා එක කන්නයක් හෝ කන්න දෙකක් කාබනික පොහොරවලින් වී වගා කර බලන්න්නැයි ද ඔහු ඉල්ලිමක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොළොන්නරුවේ වැලි සහ සහල් මාෆියාව අතර ගැටුමක් මේ. මොවුන් දෙගොල්ලොම අපට එපා
ඔව් ඔව් ඕගොල්ලන්ගේ වැඩපිළිවෙළ උඩින් ජයග්‍රහණය කරලා. වචන දෙකක් නැහැ.
ජෝගින් ට්‍රැක් හොඳටම ඕන කෙනෙක් වගේ
පොලොන්නරුවේ ජනතාව අලි කරදර වලින් හා විවිධ අපහසුතා නිසා අනන්තවත් දුක් විදිද්දී ඒවා ගැන නොතකා මංතීරු හදන ජන දුක නොහදුනන ඇමතිතුමාට කියනවා උඩට නැග්ග ඉනිමගට පයින් ගහන්න එපා කියල
ඕගොල්ලන්ට නැති මොලයක් ගොවියට තියන හින්ද තමා, ඒ මිනිස්සු රසායනික පෝර ඉල්ලන්නේ. ඕගොල්ලෝ නින්දෙන් ඇහැරිලා කාබනික කාබනික කියල මතුරනවා. හැබැයි ඒ මිනිස්සු කාලයක් තිස්සේ, කටු පෝර ගොම පෝර එක්ක හැප්පිලා වැඩ කරපු අය.
කෘෂිකර්මය කියන්නේ විද්‍යාවක්. වගාවකට අවශ්‍ය කරන මහා මුලද්‍රව්‍ය සහ සුළු මුලද්‍රව්‍ය තියෙනවා. ඒ වගේම ඒ ඒ පසට ගැලපෙන වගාවේ ස්වරූප අනුව ඒවා වෙනස් වෙනවා.
අපි මෙතුමන්ලාට තමයි ආයෙත් ඡන්දෙ දෙන්නේ
ඔයගොල්ලනටනම් වැලි සහ සහල් ජාවාරම් වලින් උපයපු විශාල ධනයක් තිබෙනවා , නමුත් සාමාන්‍ය ගොවීන් ඔය එක එක අත්හදාබැලීම් කරලා වැඩේ වැරදුනොත් මුළු පවුලම බඩගින්නේ.
පොහොට්ටුවේ දැන් ඉදිරියෙන් ඉන්නේ වැඩි හරියක් යුඑන්පී එකෙන් ආපු අය.
මේ රොෂාන් කියන මී ගවයව පට්ටියකට දාලා දම්වැලක් දාන්න .මොලයක් නැති එවුන් පාර්ලිමේන්තු එවන්න එපා