
(සුජිත් හේවාජුලිගේ )
ලබන වසර මුල කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් සිදු කිරීමට රජය බලාපොරොත්තුවෙන් පසුවන බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ යටතේ ප්‍රධාන පෙළේ ඇමැතිධුර කිහිපයකද වෙනස්වීම් සිදුකෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
ලබන වසර ආරම්භයේදී රජයේ වැඩපිළිවෙළ නව ජවයකින් සහ වේගවත්ව ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති අතර කැබිනට් මණ්ඩලයේ මෙම සංශෝධනය සිදු කෙරෙන්නේද ඊට සමගාමීව බව
රජයේ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.
මේ අතර කැබිනට් මණ්ඩලය පත් කර ඇති ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් රැසක් රජයේ ප්‍රධානීන්ට දැනටමත් සිය විරෝධය මතු කර ඇත.
ජාතික ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝද කැබිනට් මණ්ඩලය පත් කර ඇති ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා දැඩි විවේචනයක් සිදුකළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ගේ නම් වෙනස් වෙලා කරන හොර කම් වෙනස් උනාට ඔය ඔක්කොමලා හොරකම් කරන්නේ අපේ සල්ලි නිසා .අපට ඉතින් ඔය කියන වෙනස් කම් කලත් එකයි නොකලත් එකයි.
මහින්ද සුළඟේ තුන් කට්ටුව මට්ටු කරන්න තියෙන උවමනාවටද?
නව ජවය ,අප්පා වචන නම් මරු, හොරු දන්නෙ හොරකම් කරන්න මිසක් රටවල් හදන්න නෙමෙයි.
pahugiya dina kipayedi maadhya wala palaunaaneda samahara ganudenu waladi kabinet amathiwaru nodana ovun anumatha kalaaya kiyalaa prachaaraya kalaa kiyalaa? evani thathwayan thula kabinet amathiwaru mokatada? yana viya-hiyadam dariyayuththe podu mahajanayaa neda? anika kabinet amathiwarunwa adhikshanaya karanna thawath kabinet amathiwarayek innawaa neda? okkoma viyadam podujanayaage sukaviharana kappaadukara darana viyadam neda?
මුදල් අර්බුදයක් තියන වෙලාවේ ජනතාව ටත් පටි තදකරගන්න කියල තියන මේගොල්ලෝ මේ වෙලාවේ කරන්න ඕනේ ඔය ඇමති මණ්ඩලය අඩු කරලා රජයේ වියදම් අඩුකරන එක , නමුත් ඒකනම් කරන්න හිතන්නෙවත් නැහැ ,මේ උන්දැල සියලුම බර ජනතාවට දාන එක විතරයි කරන්නේ
සීකේ... ඔයාගේ කටේ මසුරන් දාන්න වටිනවා. 100ට 100ක් ඇත්ත. මේ කම්බ හොරු කොහොම පත්කළත් එකයි.
අලි බබා හොරු 40 ඇඳුම් මාරු කළා වගේ...
කුට්ටම අන අන ඉඳපන්...!
අලුත් අවුරුද්දේ අළුත් ක්ෂේත්‍රවල නව ජවයකින් නවතම ක්‍රමවලට හොරා කන්න පාපතර හොරුන්ට අවස්ථාවක් හදලා දෙන්න යන්නේ..
නැට්ට හතර අතට වනන උන්නැහේලට හොඳම කට්ට දෙමු ... සර්..!
ගොබ්බ සෙට් එක ඉඳගෙන හිටු කියලා ඩිස්ලයික් දානවා. හිතාගෙන ඇති ජනවිඥාණය වෙනස් කරන්න පුළුවන් වේවි කියලා.. ඊළඟ ඡන්දෙන් පස්සේ මේ ගොල්ලන්ට වෙන්නේ මීයන් අල්ලන්න.
ඊළඟ මැතිවරණයේදී ඇමතිවරු උපරිම 15 දෙනයි... නියෝජ්‍ය ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු කියන තනතුරු අහෝසි කරන පක්ෂයකට පමණයි අපේ ඡන්දය. ඇමැතිවරු 15 දෙනා සුපිරි බුද්ධිමත් අය මිසක් දැන් ඉන්න ගොබ්බ ඇමතිවරු වගේ නොවිය යුතුයි.
අපි ඉතිං අර කැහි ගෑනිව දීලා, හොටු ගෑනිව ගත්තා වගේ තමා.
ආණ්ඩුව විවේචනය කරන රාජ්‍ය ඇමතිවරුන්ට ඇමැතිකම්, රජය විවේචනය කරන මන්ත්‍රීවරුන්ට නියෝජ්‍ය ඇමැතිකම් ද ලැබෙනු ඇත. 225 දෙනාගෙන් සීයට පනහ කාර්යාල සහායක තනතුරකටවත් සුදුසු නැත...
මිනිස්සු හැදෙනකොට රට හැදෙනවා. රට හැදෙනකොට මිනිස්සු හැදෙනවා. මේ චක්‍රය හරි පැත්තට කරකවන්න පුළුවන් නම් මිසක් වෙන කිසි විදිහකින් ගොඩ යන්න නම් බෑ. මේ සම්මජාතියේ.
කැබිනෙට්ටුව වෙනස් කිරීම විසඳුම නොවේ. ජාතික රජයක් ලෙස මිත්‍රශීලීව කටයුතු කළ යුතුයි.
රනිල්ව ගත්තා නම් හරි, අනිවා එනවා.
තව පවුලේ අයට දෙන්න දේවල් ඉතුරු වෙලා ඇති.
ඒ කියන්නේ දැන් ඉන්න කට්ටිය හොඳට හොරා කෑවාට පස්සේ එයාලා අයින්වෙලා ඉතිරි අයටත් හොරා කන්න අවස්ථාවක් ලබාදෙනවා..
රටේ දැවෙන ප්‍රශ්න විසඳන්න විසඳන්න බලන්න... හොරු ටික ගෙදර යවන්න.
බල්ලන්ට සායම් ගාලා බලු කූඩුව වෙනස් කළා කියලා සිංහයින් කරන වැඩ කරන්න පුළුවන්ද? දැන් ඔය පහුගිය කාලෙත් නරියෙකුට සායම් තවරලා සිංහයෙක් ලෙස කරලියට ගෙනාවේ වැඩක් වුණාද? ඔය කොතන හිටියත් බල්ලා බල්ලාමයි..
අද රට මුහුණ දී ඇති බැරෑරුම් ආර්ථික අර්බුදය ඇමැති මණ්ඩලය වෙනස්කළ පමණින් විසඳාගත නොහැක. මේ කුඩා රටට ඔරොත්තු නොදෙන ඇමැති මණ්ඩලයක් සිටින අතර දූෂණය, හොරකම, වංචාව නැතිකිරීම මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තුවිය නොහැක.
අගමැති බැසිල් නැත්නම් නාමල්... මුදල් ආචාර්යතුමාට. ජෝන් මාමාට කම්කරු ජොන්ස්ටන්ට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන කටයුතු, කෘෂිකර්ම හිටපු ජනාධිපති මෛත්‍රිපාලට දුන්නොත් හොඳයි.
ඔය කුට්ටම අනලා වැඩක් නෑ. ඔක්කොම බූරු කොළ තියෙන්නේ. ගෝඨාභය ඇතුළු ඔක්කොම ගෙදර යැවිය යුතුයි.
ඇමැතිවරු මාරු කළාට වැඩක් නෑ... වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ළංකර ගන්න, සුදුස්සන් ළංකරගන්න, සැබෑ දක්ෂයන් ළංකරගන්න. එහෙම වුණොත් යන්තම් හරි ගොඩදාගන්න පුළුවන්... විශේෂයෙන් අායතන ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩලවලට ජාත්‍යන්තරය පිළිගත් ඉහළම සුදුස්සන් දාගන්න ඕනෙම නම් ඔය කේලම් කියන්න එක්කෙනෙක් විතර දාගන්න.
මේවටත් හුරේ දාන කට්ටිය ඉන්නවනේ...!
වයසට ගිය කට්ටිය වෙනුවට ඒගොල්ලන්ගේ පුතාලව පත්කරගන්න යනවා වගේ...?
මුලින්ම මුදල් ඇමැතිව මාරුකරමු. ඉන්පස්සේ අගමැතිවත් මාරුකරමු. එතකොට ඉබේම රට හැදෙයි ජනාධිපතිතුමෝ...!!!