(විනීතා එම් ගමගේ)
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 12ක් සහිතව රුපියල් 1000කට දෙන සතෝස සහන මල්ල අද (1) සිට සතොස වෙළෙඳසල්වලින් මිලදී ගත හැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
වෙළෙඳපොළේ ඇති භාණ්ඩ මිල සහ සසඳද්දී මෙම බඩු මල්ලක් මිලදී ගැනීමෙන් රුපියල් 410ක ලාබයක් පිරිභෝගිකයාට හිමි වේ.
සුදු කැකුළු,රතු කැකුළු,සුදු සීනි,පරිප්පු,පාන්පිට,ලුණු කැට කිලෝව බැගින් ද හාල්මැස්සන්, කෑලි මිරිස්, සෝයාමීට්, තේකොළ ඇතුළු භාණ්ඩ 12ක් මෙම මල්ලට ඇතුළත් වී ඇතැයි ද වෙළෙඳ අමාත්‍යවරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු ඕවාට රැවටෙන්නේ නෑ දැන් තව සතියකින් තව දෙයක් කියයි
රුපියල් 1400 ක බඩු රුපියල් 1000 ට විකුණන පුදුමාකාර අරපිරිමැස්මක්නේ. ලෝකේ කොහෙවත් නැති අලුත්ම ආර්ථික ක්‍රම වේදයක්. කොහොම උනත් ඒ පාඩුවත් අවසානයේදී ඉතින් බදුගෙවන පාරිභෝගිකයාගේ පිටටම තමා.
සහන මලු දෙකහමාරෙන් මාසයක් හිටිය නම් ගොඩ.
සහන මල්ල අනාගත නව නිපැයුම් සැලසුමක් කවදාවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ පෙන්ෂන් කාරයින් ඉන්න කැබිනෙට්ටුවකින්...
උත්සව සමයේදී පාරිභෝගිකයා සූරාකෑමට මාන බලමින් සිටින අතරමැදියාට පාඩමක් ඉගැන්වීම සඳහා, මේ අවස්ථාවේදී මිනිසුන්ට සහන මල්ලක් ලබාදීමට තීරණ කිරීම හොඳ දෙයක්.