
(යොහාන් භාසුර)
පාකිස්තානයේ නිල සංචාරයක නිතරව සිටින වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කරච්චි වෙළෙඳ හා වාණිජ සංගමයේ නියෝජිතයන් සමඟ කරච්චි නුවරදී අද (21) විශේෂ සාකච්ඡාවකට සහභාගි විය.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන, පාකිස්තානයට අපනයනය කිරීමේදී මුහුණ පාන ගැටළු පිළිබඳව සහ පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පවතින වෙළෙඳ සබඳතා ශක්තිමත්ව හා දෙපාර්ශ්වයටම වඩාත් ඵලදායී වන අයුරින් පවත්වා ගැනීම පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරයා අවධානය යොමු කළේය.
එම සාකච්ඡාවෙන් පසුව කරච්චි වෙළෙඳ හා වාණිජ සංගමයේ නියෝජිතයන් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට සමරු තිළිණයක් ප්‍රදානය කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විලි ලජ්ජා නැති මිනිහෙක් .උගත් කම බලෙකුට දුන්නා නම් මීට වඩා හොඳයි
මෙයා ගිහින් එයාලාට මොනවා උගන්වලා ඒවිද දන්නේ නැහැ. ආර්ථික උද්දමනය ගැන රුපියල් 2500කින් මාසයක් ජීවත් වෙනහැටි තමයි කියන්න තියෙන්නේ...
මොන භාෂාවෙන් කතා කළාද දන්නේ නැහැ. මේ මිනිහාට ඉංග්‍රීසි චුට්ටක්වත් බැහැ. (දිනේෂ් ඉංගිරිසි කාරයා.) මේ බුල් ඩෝග් ඉංග්‍රීසි කියද්දීත් එතැනින් හෙමින් සැරේ මාරු වෙනවා. මොනවා වුණත් කුණු කරවල කියලා වලලන්න හදපු හාල් මැස්සෝ ටොන් දහස් ගණනක් බොරු බිලක් දමලා ගෙන්වලා හොඳ ගාණක් කපා ගනීවි. එයාලාටත් සතුටුයි, වලලන්න හදපු කුණු කරවල වලට සල්ලි ලැබෙද්දී.
අනේ ඇත්තටම මෙහෙම ඇමතියන්ට ඡන්දෙ දුන්නු මී හරක් ඉන්න ලෝකේ එකම රට ලංකාව වෙන්න ඇති. ගොන්ම ගොන් ජනතා හැතිකරයක් ඉන්න රටක්. දැන් ඉතින් රටකුත් නැහැ... ජීවත් වෙන්න කන්න බොන්නත් නැහැ... පොළොවේ පස් කාපල්ලා.