
(සුජිත් හේවාජුලිගේ)
කොළඹ ඇමති බංගලා නවයක් තානාපති කාර්යාලවලට වෙන් කිරීම අවසන් අදියරේ පවතින බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා ලංකාදීපයට පැවසීය.
තානාපති කාර්යාල නවයක් කලක සිට ඇමති බංගලා ඉල්ලීම් කර තිබූ බවද ඔහු සඳහන් කළේය.
මෙයට අමතරව වෙළඳ ක්‍රියාකාරකම් සඳහා තවත් අැමති බංගලා හයක් වෙන් කිරීමටද සැලසුම් කර කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා අධිකරණ පිහිටුවීම සඳහා අවශ්‍යතා අනුව ඇමති බංගලා තවත් වෙන්කර දීමට හැකියාව ඇතැයිද ප්‍රකාශ කළේය.
ඇමැති බංගලා කිසිවක් ඇමතිවරුන්ගේ පාවිච්චියට නොගැනීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන අැති හෙයින් ඒවායින් ආදායමක් උපයා ගැනීම මෙන්ම ආර්ථික වශයෙන් ඵලදායි ව්‍යාපෘතිවලට යෙදවීම රජයේ ප්‍රධාන අරමුණ බවද චන්දන අබයරත්න මහතා පැවසීය.
ඇමති බංගලා තුනක විශේෂ අධිකරණ පසුගියදා පිහිටවනු ලැබීය. තවත් අැමති බංගලාවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පරිහරණයට ලබාදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd