
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපතිවරයා ලෙස ඊයේ (6) පත් කරනු ලැබීය.
ශ්‍රී ලංකා ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (06) පැවැත්විණි.
මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්තු සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුද සහභාගි වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට අඩු දැන් ජනාධිපති තනතුර විතරයි . හැබැයි ඒකට නං නො චාන්ස් පුතා
ඊලගට රට බේරාගැනීමට සිටින එකම දියසෙන් කුමාරයා....!
ප්‍රන්ශේට හොරෙන් මොනවා හරි පටවන්න තියනවද දන්නේ නැහැ
ඒකනේ කියන්නේ ,වයස අඩු නිසා මිසක් නැතිනම් නාමල් බේබි බාප්පාගේ ජොබ් එකට උනත් සුදුසුයි
මේවා අහලා පන පලයන් පෙරේදා. පැන්ඩෝරා එකෙත් තනතුරක් තියනවලු. නරකද මහාචාර්ය තනතුරකුත් දුන්නා නම්
ඔය හැම තනතුරක්ම තව වසර 3 න් අහවරයි .එයාලගේ අය නේ
බැරිද චන්දෙ තියන්නේ නැතුව දෙන්න
සුභපැතුම් ,අපේ රට සිංගප්පුරුවක් කිරීම පිළිබඳව පුංචි හරි බලාපොරොත්තුවක් තැබිය හැකි අනාගත ජනපති ,අපගේ අපේක්ෂාව එයයි
මෙයාට විතරක් තනතුරු දෙන්නේ අනික් 224 ම හිස් පීප්ප නිසාද ?
උගත්, බුද්දිමත් ,සුදුසුකම් ඇති නීති වේදියෙකුට තනතුරකුත් දීලා .