(සුජිත් හේවාජුලිගේ )
මැති සබයේ දී සහ ඉන් පිටත පරිශ්‍රයේදී ඉකුත්දා (21 ) වැනිදා ඇති වූ නොහික්මුණු සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මන්ත්‍රී කමිටුව එම සිදුවීම්වල සීසීටීවී කැමරා දර්ශන අද (28) නිරීක්ෂණය කළේය.
මේ අතර එම සිද්ධීන් සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් කතානායකවරයාට ලබන සතියේදී භාරදීමට ද මන්ත්‍රී කමිටුව ඊයේ තීරණය කළ බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවැසී ය.
එවැනි සිදුවීම් නැවත ඇති වීම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා මන්ත්‍රී කමිටුව ලබන සතියේ දී නැවත රැස්වීමටද නියමිතය.
මෙම සාකච්ඡාවට එම මන්ත්‍රී කමිටුවේ සාමාජිකයන්වන කෙහෙළිය රඹුක්වැල්ල,අනුර ප්‍රියදර්ශන යාපා,ඉමිටියාස් බාකීර් මාකර්,ආචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරු සහභාගි වූහ.
මැති සබයේ දී සහ ඉන් පිටත පරිශ්‍රයේදී ඉකුත් (21)වෙනිදා ඇති වූ නොහික්මුණු සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජේෂ්ඨ මන්ත්‍රීවරුන් අට දෙනෙකුගෙන් යුත් මෙම මන්ත්‍රී කමිටුව පත්කරනු ලැබුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මහින්ද බලෙන් අගමැති වෙන්න ගිය දවසේ ඒවාත් පෙන්වන්න ඕවා කවුරුත් දැකලා නැනේ ඔය තමිටුවේ ඉන්නේ බබාලා නේ අනේ මෙහෙම විහිළු